ගහෙන් ගහෙන් කළු
කෙස් ගස් සුදු වෙනවා
දවස ගානෙ
ලිප් බොක්කෙ දුං වැදුනේ
උඹෙ නොඉඳුල්
තරුණ කාලෙ
ලොකු අක්කේ පූළුටු නොකා
නොගියට මහ නුගේ පැත්තෙ
කළුකුමාරයා වැහිලලූ
ගම පුරාම කථා ඇත්තෙ
කට්ට කපන
රෑ කළුවර ගෙට එබුනම
හොරෙන් වාගෙ
රෑ මැද්දේ හූල්ලන්නෙ
උල ලේනිද අවේලාවෙ
ජනෙල් කූරු ගණින ගමන්
තෝන්තුවෙන් වගේ ඉදන්
තනියම උඹ කියවන්නේ
යාසෝධරාවතේ වදන්
කණ්ණඩි මේසය ගාවම
තිස්තුන් පැය ඉන්න පොරේ
තනියම උඹ හිනහාවෙනවා
ඉකි ගහනව සැරින් සැරේ
පාට පහක මල් අරගෙන
පුළුටු පහේ නොකා එහෙම
ආතුරයට පලන්දන්න
නූලක් මතුරාවි රෑට
දෙහි ගෙඩියෙන් ගෙඩිය කපා
ගුරුළු යකා විරත්තාවි,
කළුකුමාර පරල වේවි
උඹ යනවද මේ ඇත්තිට
කරදර දෙන්නැතුව යකා
ආයෙත් උඹ මේ පලාතේ
එන්ට හිතන්ටවත් එපා
උං නොදන්නවා වුනාට
උඹ අඬන්නෙ ඌ නාවට
සපත්තු පාලම හදලා
පාරට තාරත් දමලා
ආයෙ නොඑන්නම ගියාට
රෙදි අල්මාරිය ඇද්දොත්
මේසෙ කොලේ යට බැලූවොත්
කපුරු බෝල සුවඳ තියෙන
කළුකුමාරයගෙ ලියුමක්
උංටත් හම්බේවි අක්කෙ
වැන්දබෝන නැන්ද වුනත්
කියාවි උගෙ කැරුට්ටුවම
දිෂ්ටි දැම්මෙ උඹ ඇරුණම
ගමේ අනිත් එකීලගෙ වතගොත
රෑට, රෑට බත්ගෙදරට
ආගිය හැටි කදබැඳගෙන
දැලි රැුවුලත් ආපු දාක
අතපය හයිවෙච්ච දාක
ඇදං ඇවිත් කංකෙටියෙන්
දෙන්නම් ‘‘කළු කුමාරයව’’
-ජෙමා