Thursday, January 31, 2013

සිටුවර වරැණ.................


නහුතයක් කහවණු
දැසි දසුන් අපමණ
සුරෑපී බිරිද
‘‘උගත්“ කඩවසම් පුතු
“බොදු ගොවි“ රැවැති දියණිය
ධන ධාන්‍යෙයන් ආඩ්‍ය
වීය සිටුවරයෙකු වනාතේ අහල පහලම

අලුයමේ රථ පෙරහැර
කළුවරේ අදින කංසා ගෝනි ද
පොපි මලේ හොදම හරියද
ශරීරාකක්ෂකයෝ අවි අමෝරාගෙන

ඇවිත් රාතී% සම්බාහනයට
ඉහුලුම් නොවන තැන අතපතගාගෙන
දගලාපු පුරෝහිතයෙකුට
‘‘බඩ පුරා සලකන්න‘‘ තෙල බිණුමෙකින්
කෙටි හසුනක් යවන

බොරැල්ලේ තැනෙක
සිටින දිසාපාමොක් හමුවන
පුතුට නයින් එම්.එම්., ටී පනස් හය
ශිල්පය උගන්වන

හුදී ජනයාගෙ කරදර
වාසල් දොරටුවේ පෝලිම පාන්දර
මහත්තය ගෙයි ඇතුලෙ ඉන්නවද
කොල්ලා ඇතුලෙ දැන්
තුන් මාසයක් එලියට අරන් දෙනවද

සිටුතුමිය දිනපතා දහයට
පුරසිරි නරඹමින් සැලෝන් යන
ලේඩීස් කල්බ් එකක, සූදුවට හුරැවුන
සිටුතුමාටම කියා පුරගනන් සිටියද
මුවිනි කිසිවක් නොබැන ඉවසන

රජුගේ සට්ටාඹියා නැති තැන
වුවත් ගොසින් කාරිය කරවන
හිත හොද එකා යැයි රජු නිතර කියවන
සිහිනයකි පලාත් සභාවට යන
උපන්ගෙයි සාක්ෂතරාවය නැති තැන


Wednesday, January 30, 2013

අබිනික්මන.............


“සම්මානි ජාතෝ බන්ධනං ජාතං“
සම්මානි ජයේගෙ ගාව ගුලි වෙලා
ජයේ තද නින්දෙ ගොරවලා
පයක් එළියේ පයක් ඇතුලේ
දෙගිඩියාවකි,
ඇදුම් මැදලා දෙන්නෙ කවුරැද
කෙල්ල බලාගන්නෙ කවුරැද
බතක් උයලා දෙන්නෙ කවුරැද
මම නම් විකාල භෝජනා
දෙගිඩියාවකි,
අප්පච්චි නාවන්නෙ කවුරැද
අම්මගේ ලෙඩ දුකට කවුරැද
ජයේගෙ ඉන්හේලරේ දෙන්නෙ කවුරැද
දුක්ඛ සත්‍ය දන්නවා මම නම්
දෙගිඩියාවකි,
ඉරැණු ඇදුමක අන්ඩ දාන්නෙ කවුරැද
පොඩි එකීට ඇදුම් මහන්නෙ කවුරැද
පඩු පාට කසාවත ඇති මට නම්

 විමුක්තිය හොයන්න සංසාරෙ තිබුණාවෙ
මේ බවේ ඔන්න ඔහෙ ගෙවුණාවෙ

ආරාමෙ ඝන්ඨාරෙ ඇහෙනවා ඈතින්,
ජයේ ලග ඇලවුණා ආයෙත්
දැක්ක කෙල්ල හිනහෙනා හැටි හීනෙන්
Related Posts Plugin for WordPress, Blogger...