Tuesday, December 24, 2013

විශ්වලිංගම් උඹට කොහොමද



සූස්තියක් පත්තු කරගෙන
හැන්දෑවෙ ඇවිදින්
ලැයිම පැත්තට
උඹ එක්ක කදේ දාගෙන
උන්නු බිත්ති කොන්ද
අද්දර තිබුණ
ගණපතිව අමතකව
බාගෙට ඇරැණු
ලෑලි දොර මුල්ලක

අගුරැ කෑල්ලකින් ඇදපු
බලි කුරැටු චිත්තර
සින්න කුට්ටි ස‍රෝජා කැත
කරපු බිත්තිය
අම්ම, අප්ප, අන්න ලොකු අකුරැ
විස්තර

උඹලගෙ ‘‘තලෙයිවා“
නැති වෙච්චි දවසෙදි
කිරිබතක් හදාගෙන
පෙරටු කොට ජයකොඩි
සිංහයෝ ගර්ජනා
හන්දියේ මල් වෙඩි
දොර පොල්ල තදකර
ලංකරගෙන පැටව් ටික
මතක් වෙනවා උඹ
වෙව්ල වෙව්ලා හිටි හැටි

තුන්නුර් ගාගෙන හැමදාම
නලලේ
දුක් පොදි කරතියන් කෝවිල
වන්දනා කෙරැවේ
කුණූ ටැට්ටරේ උඹ ‘‘සිංහල“
කුණුත් ඇද්දෙ
අර යන්නෙ කොටියා
සිංහයො කෑගැහුව ඒත්
මහ සෙනග මැද්දේ

‘‘එල්ලාම පෝච්ච අන්නා‘‘
සිරි අයිය අපි හෙට
යාල්පානම් යනවා
උඹ ඇවිත් කියනකොට
හිත පහුරැගාගෙන
ඇහෙන් කදුලක් පැන්නා
සිංහල හින්දු අවුරැද්දට
කෝචියේම එන්නම්
ආටි වැදිල නැත්නම්
උඹ එක්ක නල්ලූර්
කෝවිල් යන්නම්
ආඩි ලි‍් ගාව හිද
පුරැදු විදියට
සූස්තිය ඔතන්නම්
‘සකුර‘ බීඩිය අදින්නම්

28 comments:

  1. කාලෙකින් සේකර ඇවිත් උඹේ කවි ඌරුව නම් කියල වැඩක් නෑ .... මේ පොස්ට් එකට බ්ලොග් රෝලෙන් කෙලින්ම එන්න බෑ මොකක් හරි අවුලක් තියෙනවා පොඩ්ඩක් බලපන්

    ReplyDelete
    Replies
    1. ඉවාන් මල්ල කියපු එක බලහං මචං,
      සමහරු රෝලෙන් ඇවිල්ල නැති වුනාම අපි වගේ "ටිකිරි" මොලේ පාවිච්චි නොකරයි....හෙක්..හේ...නැද්ද ඉවාන් මල්ල......?

      Delete
    2. මගෙ පහුගිය පොස්ටුවටත් මේ ලෙඩේ තිබ්බ..බලන්න ඕනෙ පොඩ්ඩක් චෙක් කරල..උඹලටත් සුභ අලුත් අවුරැද්දක්..

      Delete
    3. අනිවා කෙන්ජයියේ..."ටිකිරි මොලේ " හැක හැක හැක

      Delete
  2. අඩේ මොකක්ද බන් මේකට කියන්න ඕනේ? ඇඩෙනවා යකෝ. සුස්තියක් ගහලා නෑ. හැබයි ගැහුවොත් මේ වගේ ඇති සිරාවටම

    ReplyDelete
    Replies
    1. ගහලම බලපන්...දැන් ඇමෙරිකාවේ, ඕස්ටේලියාවෙ පැත්තෙත් ලීගලයිස් කරලලු, ලංකාවෙත කොරයි ලගදිම..

      Delete
  3. එළ ජෙමා එළ.

    සින්ඩියෙන් කෙලින්ම එන්න බෑ ජෙමා පොඩ්ඩක් බලහන්. ප්‍රියා අදයි මේ පැත්තෙ ආවෙ දැන් ඉතින් බොට බේරෙන්න හම්බවෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. ලෙඩේ ගැන හොයනව..මලය..මගෙ පහුගිය පොස්ටුවටත් ඔය සන්තෑසියම වුනා..චෙක් කොරල බලමින් ඉන්නෙ...වරෙන් දිගටම..ජෙමා සාදරයෙන් පිළිගන්නවගග

      Delete
  4. ඔව් මාත් ආවේ නොටිෆිකේෂන් එක හරහා .. හරිම ගති ඈ වචන සෙට් එක ,, අදමයි ආවේ ජෙමා ,, සුබ නත්තලක් ඔයාට

    ReplyDelete
    Replies
    1. අපූර්යි වගාටත් සුභම සුභ නත්තලක්..

      Delete
  5. ජෙමා මාරයි ජෙමා.සුපිරි.කවි වැඩිය මට සෙට් නැ.එත් උබෙ සෙට් එක බොක්කටම වැදුන මචො

    ReplyDelete
    Replies
    1. කවි සෙට් වෙන්නැති එකෙකුට සෙට් වෙන්න ලියන්න පුළුවන් වෙච්ච එක සන්තෝෂයි..

      Delete
  6. නියමයි ජෙමෝ,මට අතීතෙ මතක් වෙනව බං උඹගෙ කවි කියවනකොට.

    ReplyDelete
    Replies
    1. අත්දැකීමක් නොවුනත්...හැම දෙමළෙක්ම කොටියෙක් වගේ බලපු අපේ බහුතරයකට අමතක වෙච්ච සමහර කාරණා මතක් කරන්න හිතාන තමයි මේක ලිව්වෙ හැලපෙ අයියෙ

      Delete
    2. පෝන් නම්බර් එක ලබාදෙන්න

      Delete
  7. ජෙමෝ......උඹේ මේ කවි සිතුවීලි, ඇස් දෙකට දැක්ක කාලකන්නි 83 මතක් කරනවා. අපි කොහොම ආදරෙන් හිටපු මිනිස්සුද.....දිනෙන් දින අපිව ඈත් කරනවා...මහා සාංකාවක් දැණෙනවා බං.

    ReplyDelete
    Replies
    1. මේ දාලා තියෙන ෆොටෝ එක ලොකු කතාවක් හිතේ තියාගෙන ඉන්න මිනිහෙක්ගේ හැඟීම් අපූරුවට කියාපානවා.

      Delete
    2. මම බොහොම කෑදරකමකින් අරෑගෙ අඩවිය කියවන්නෙ..උමත් ඇවිල් කොමෙන්ට් කොරල තියෙනව දැක්කාම..ඇත්තටම සන්තෝසයක් දැනුන..මට 83 යාන්තමට මතකයි එතකොට මම පැටිය..අපේ අම්ම දොර අස්සෙන් අයිඩෙන්ටි එකතු කරපු කට්ටියට අයිඩෙන්ටිය දීපු හැටි...ඉස්ටේසම ගාව කොල්ලො දෙන්නෙක් පිච්චුණු හැටි තාම හිතේ හොල්මන් කරනව..

      Delete
  8. ජෙමා ලොක්ක ඔයත් ඉදල ඉදල අපිව පිස්සු වට්ටනවා..නියමයි හැලප කඩේ කිව්වා වගේ අතීතය මතක් වෙනව..ලබන අවුරුද්දෙදි සෙට් වෙනකම් ජය වේවා..

    ReplyDelete
    Replies
    1. සෙට් වෙමු..සෙට් වෙමු...අනිවා එන් මල්ලිව හම්බුනොත් මතක් කලා කියපන්..

      Delete
  9. උඹට කොහෙන්ද බං මේ වචන....නිර්මාණයේ අගය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ බොට කොහොමත් හොද නිර්මාණ ශක්තියක් තියෙන බව ඔනෙ එකෙක්ට පේනවා...

    ReplyDelete
    Replies
    1. නොලිය ඉන්න බැරි කමට ලිව්ව මිසක සිරෝ මේ ටිකේ...අන්තර්ජාලය හා පරිගණකතට ගැටළු ගොඩයි...අවුරැදු දහයකට පහළොවකට පස්සෙ ලියන්න ගත්තෙ..ඉස්කෝලෙ කාලෙන් පස්සෙ අවුරැදු පහ හයක් යනකම් කිසිම දෙයක් ලිව්වෙ නෑ...හදිස්සියෙම හිතිල ලියන්න ගත්තෙ..බොග පටන් ගත්ත දවසෙ ඉදල වෙනස් මිනිහෙක් විදිහට හිතන්න ගත්ත..

      Delete
  10. ජෙමා අයියේ හිතට වැදෙන අදහස් ටිකක් බං

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතයි මලය..

      Delete
  11. නිර්මාණය ඉතා විශිෂ්ටයි ජෙමා.

    ReplyDelete
    Replies
    1. කෙන්ජියගෙ ලිව්ලලකුත් ලියන්න මම වෙලාවක ට්‍රයි කරනව...ලිව්ව දවසක බලාපන්කො

      Delete
  12. වදෙන්න්න ගහනවා කියන්නේ මේ වගේ ඒවාට බං මචං! තව ගහපන්! ගල් වෙච්චි අපිට රිදෙන්නම!

    ReplyDelete
  13. අහම්බෙන් නෙත ගැටී විත් එක හුස්මට කියවාගෙන පස්සට ගියෙමි. අපූරුයි . දිගටම එමි.ජය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...