Wednesday, October 30, 2013

‘‘රිකට්‘‘ එකේ වැදුන ‘‘ඕ බොල්‘‘ හෙවත් ජෙමාගේ කිරිකැට් ගැහිල්ල....

ජෙමා බ්ලොග පටන් ගත් දා පටන් ඔය හෙන ඒව්වා ලිව්වාට ජෙනරල් ලයිප් එකේ එව්වා මෙව්වා එකක් ලිව්වේ නැති එක ගැන ජෙමාගේ බ්ලොග කියවන්නෝ පහුගිය දිනක චෝදනා කළෙන්, අද පටන් හැකි සෑම විටකම ජෙමාගේ හැල හැප්පුනු ජීවිතේ මතක හිටින තැන් කිහිපයක් යුනිකේත  සටහනක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව කියමි.

ජෙමාගේ භෙ!තික ශරීරය පහුගියාවෙ පරිමාවෙන් වැඩිවූයෙන්, දැන් දැන් දාඩිය දාන මට්ටමේ ක්‍රීඩාවක් ලෙස යෙදිය හැක්කේ කැරම් ගැසීම, ඕමි බැලීම ආදී අති දුෂ්කර පිසිකල් ගේම් වල පමණි. නමුත් ජෙමා ගැටයා කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූවකි. ක්‍රිකට් ගැන කතා කරද්දී ජෙමාගේ ඔලුවට එන්නේ ‘‘ජපනිය එලවූ ජෙමාගේ පුල් එක‘‘ සම්බන්ධ කථාවයි. මෙය පාදක වන්නේ එක්දහසිය නවසිය අනූදෙකේදී පමණ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ගමේ ඉස්කෝලෙන්, ආසන්න නගරබද පිරිමි පාසලකට ජෙමා ඇතුළු වූ සමයයි. හයවසර පන්තියට හාපුරා කියා ඇතුළු වූ ජෙමාගේ ගජයන් වූයේ බඩියා, කල්පයා, සංජයා ඇතුළු කිහිප පොලකි. විවේක කාලය එළඹුණු සැනින් කොල්ලන් දිව යන්නේ ක්‍රිකට් සෙල්ලම් කිරීම ස‍්‍දහා පිටියේ ඉඩක් වෙන් කරවා ගැනීමේ අරමුණිනි. වික්ට්ටුවට පුටු කබලක් හෝ කවුරැත් දන්නා ‘‘මැදින් ගියොත් අවුට් විකට්ටුවක්‘‘ සූදානම් කරගැනීම  ඊළග“ කාර්යයි. බොහෝ විට කණ්ඩායමේ ආරම්භක පිතිකරැවා ලෙස ක්‍රිඩා කරන්නේ ජෙමා සහ රසිකයාය. රසිකයා ද ජෙමා මෙන්ම වමත් පිතිකරැවෙකි. මේ කියන සිද්ධිය සිදුවූ දිනයේ ඩී පන්තියේ සිටින සගයන්ට සුපුරැදු ස්ථානය වන ‘‘වැලිපිට්ටනිය ‘‘ කලින්ම පිරිසක් වෙන් කරගෙන සිටියෙන් ජෙමා ඇතුළු පිරිස ක්‍රිඩා ගාරය අසල ස්ථානයක විකට්ටුව සාදා ක්‍රිඩා කිරීමට සූදානම් විය. ඕවරයකට දෙකක් ගත වූ තැන තැනින් තැන වූ කුඩා කණ්ඩායම් ක්‍රිඩා කිරීම නවතා පසෙකට වී සිටිනු දැකගත හැකි විය. කී%ඩාව අතරතුරම හේතුව විමසා බලන විට දුටුවේ අපූරැ සිදුවිමකි. පාසලේ වොලිබෝල් කණ්ඩායම වම්පස පුහුණු වෙමින් සිටි අතර ඔවුන්ගේ පුහුණුව සදහා පැමිණ සිටියේ ජපන් ජාතික කාන්තාවකි. ඇය සිය පුහුණුවට බාධාවන අයුරින් වරින් වර තමා ලග“ට පැමිණෙන ක්‍රිකට් පන්දු සියල්ල එකතුකරගෙන පසෙක තබාගෙන සිටියාය. මේ හේතුවෙන් ක්‍රීඩා කල බොහෝ කණ්ඩායම් සිය ක්‍රීඩා ව නවතා ඔරවා ගත් මුහුණින් යුතුව බලා සිටියේ අසරණ බවකිනි. පිටියේ ක්‍රීඩා කරමින් සිටියේ ජෙමාගේ කණ්ඩායම සහ තවත් කණ්ඩායම් කිහිපයක් පමණි. එය තුන්වන පන්දුවාරය විය යුතුය. පන්දු යැවූ සගයා අමතක වුවද පාදය පැත්තෙන් පැමිණි පන්දුවට ජෙමා සුපුරැදු පුල් පහර එල්ල කලේ ලකුණු වේගය වැඩි කර ගැනීමේ අටියෙනි. ඉහළින් ඇදීගිය පන්දුව ජපනියගේ දකුණු කම්මුල මත පතිත වූයේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයකිනි. නිහඩව මිනිත්තුවක් පමණ ගත කළ ඇය, පසුව තමා සතු තිබූ සියලු ක්‍රිකට් පන්දු පසෙක දමා විදුලි වේගයෙන් පිට්ටනියේ ගේට්ටුවෙන් පිටතට ගියේ කිසිවෙක් හිතා මතා තමාට පන්දුවකින් දමා ගැසුවේ යැයි උපකල්පනයෙන් විය යුතුය. තැනින් තැන පොඩි පහේ අත්පොලසන් නාදයක් ඇසුන ද ජෙමාට සිදු වූයේ කුමක්ද යැයි හරිහැටි වටහා ගැනීමට පවා කාලයක් නොතිබුනේය. ඉහළ පන්තිවල සහෝදරයන් එකිනෙක ජෙමා අසලට පැමිණ ‘‘මරැ වැඩේ මල්ලි‘‘ ‘‘එල කිරි මල්ලි‘‘ ආදී සුබපැතුම් ඉදිරිපත් කලේ වීර ක්‍රියාවක් කල පුද්ගලකෙු ලෙසිනි. මේ අතර කොහේදෝ සිට ගෝත ශිෂ්‍යනායකයෙක් පැමිණියේය. ඔහු සියල්ල විමසා බලා ජෙමාට පැවසුවේ ‘‘වැඩේ බරපතලයි, සමරවිට ඉස්කෝලෙන් අස්කරයිද දන්නෙ නෑ“ ජෙමාට නව පාසැල යනු සිහින සැබෑ වීමකි. එවන් පාසලකට ඇතුලත් වූ සැනින් ඉවත්ව යාමට සිදුවන්නේ යැයි ඇසූ පමණින් ජෙමා පොඩි එකාට ඇඩුම් ආවේය. ජෙමා හෝ ගා අඩන්නට වූ අතර ජෙමාගේ කල්‍යාණ මිතුරන් පවා සිනහවෙමින් සිටියා විනා වැඩේ ශිෂ්‍යනායක අයියාගේ ජෝගියක් බව පැහැදිලි කරන්නට උත්සුක වුනේ නැත. කෙසේ හෝ පැයකින් දෙකකින් පසුව හිත හදගත් ජෙමා සුපුරැදු ලෙස පසුදාත් ක්‍රිකට් ක්‍රීඩා කළ ද, ජපන් වොලිබෝලි පුහුණුකාරිනිය ඉන්පසු කිසිදිනක පාසල් පිටියේ නම් දුටුවේ නැත.

ජෙමා ගමේ ක්‍රිකට් ක්‍රිඩා කලේ සුරේෂයලාගේ පොල්වත්තේ හෝ ආච්චිගේ ගෙවත්තේය. ජෙමාගේ සමහර ක්‍රික්ට් නීති අයි.සී.සී පොතේවත් සදහන්ව නැති බවනම් ඒකාන්තය. ඉන් කිහිපයක් පහතින් සදහන් කරන්නේ අනාගතයේ අයි.සී.සී නීති රෙගුලාසි වෙනස් කරන දිනෙක මේවාත් සැලකිල්ලට ගනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

1. ජෙමාගේ වත්ත සහ රසිකයලාගේ වත්තට ‘උඩින් ගියොත්‘ (උඩින් යෑම වනාහි වත්තට පන්දුව යෑමට පෙර බිම පතිත නොවී ඉහළින්ම ඇදී යෑමයි.) දැවී ගිය ලෙස සලකයි. මෙහිදී සීමාව ලෙස බොහෝ විට සලකන්නේ වැටේ සිටුවා ඇති ක්‍රෝන් ගස් හෝ පැහැදිලිව දැක ගත හැකි නවසි ගස් හෝ පෝල් ගස් යා වෙන රේඛාවයි.

2. ගස් කැච් ඔට්ටුය. (ගස් කැච් යනු අහම්බෙන් පොල් ගසක් හෝ කොස්ගසක් වැනි පිතිකරැගේ හිසට වඩා උස් ගසක රැදුණු හෝ වැදුනු පන්දුවක් පන්දු රකින්නෙකු බිම පතිත වීමට පෙර රැක ගැනීමයි.)

3. එල්.බී.ඩබ්ලිව් කිසි විටෙකවත් දැවීයාමක් ලෙස සලකන්නේ නැත. (හොර අම්පයර් කෙනෙක් සිටියහොත් ලබාදෙන දැවීයාම් පවා විකට් කණු ගලවාගත් වලියකින් පසුව සමථයකට පත් කරගත හැක.)

4. ටිප් කැච් (Edges) වලින් දැවී යාමක් ලබා ගැනීමට නම් බොහෝ විට පැය භාගයක් පමණ වාද කල යුතුය. අවුට් එක දුන්නේ නැතිනම් පන්දු යවන්නේ නැති බවත්, අත දෙන්නේ නැති බවත් සපථ කල යුතුය. (බොහෝ විට මේ ස‍දහා විනාඩි පහළෝවක විස්සක කාලයක් ගතවෙන අතර, දෙවෙනි ඉනිම කී%ඩා කරන කණ්ඩායම පන්දුවට පහර දෙන්නේ නම් ඔවුනට මෙහිදී අවාසියක් සිදුවේ.)

5. සමහර දිනෙක ක්‍රීඩා කරද්දී වේගයෙන් පන්දු යැවීම තහනම්ය, විටෙක පන්දුවට පහර දෙද්දී ආරඣෂාකාරි පහර වල් එල්ල කිරීම දැවී යාමක් ලෙස සලකයි.

මෙකී නොකී හැටහුමාරක් වන නව ක්‍රිකට් නීති රීති මැද සෙනසුරාදා, ඉරිදා දිනවල පාන්දරින්ම ජෙමාගේ ක්‍රිකට් සගයෝ පොල්වත්තට හෝ ආච්චිලාගේ ක්‍රීඩා පිටියට රැස්වෙති. මුලින්ම සිදු වන්නේ පිල් බෙදීමයි. (මෙම පිල් බෙදීම නිසා වසර ගණනාවක් ජෙමා හා ලකියා අතර විරසකයක් පැවති බව ද කිව යුතුය.) පිල් බෙදීමේදී බොහෝ විට පියා හා ලකියා එක් පිලකට එක් වන්නේ සම්ප්‍රදායික විරසකයක් නිසාවෙනි. බොහේ විට ගාමිණියා (හදිසියේ ගමෙන් අතුරැදන් වූ හිත හොද ගාමිණියා පිළිබ‍දව අදටත් හාවක් හූවක් නැත.) හා ජෙමාගේ දයාබර අයියාකාරයා එක පිලකට එක්වේ. ටෙස්ට් තරග ක්‍රිඩා කරන දිනයකදී පැය තුන හතරක් අව්වේ තපිමින් පන්දු යැවීම හා පන්දු රැකීම සතර පෙර නිමිති දැකීමටත් වඩා කලකිරෙන කියාවකි. මෙවන් ටෙස්ට් තරග ක්‍රීඩා කරන බොහෝ අවස්ථාවල ජෙමා ලෑල්ල අල්ලා පැය ගණන් ක්‍රිඩා කිරීමට සූරයෙකි. දිනක් තරගය ආරම්භ වූයේ සෙනසුරාදාවක උදයකදීය. ජෙමාගේ පිලට සිටියේ ක්‍රිඩකයෝ තිදෙනෙකි. විරැද්ධ පාර්ශවයට හතර දෙනෙකි. උදෑසන හතට පමණ ආරම්භ වූ තරගය හැන්දෑවේ හතර පහ වනතුරැත් අවසාන වූයේ නැත. ජෙමා නොදැවී ලකුණු 247 ක් ලබා ගත්තේ ලෝඩ්ස් එකේ සචින් සීයක් ලබාගත්තාක් වැනි පස්වනක් ප්‍රීතියකිනි. හැන්දෑවේ පහ පමණ වන තෙක්ම ජෙමාව දවා ගත්තේ උදේ රැකියාවට ගොස් ආපසු එමින් සිටි කෝසලයා විසින් බව අදටත් ජෙමාට මතකය.

ගමේ ක්‍රිකට් වලදී ජෙමාට හමු වූ සුවිශේෂ චරිත බොහෝමයකි. ඉන් මුලින්ම මතකයට නැගෙන්නේ ප්‍රියන්තයාවය. පියාට ආවේණික සුවිශේෂ ක්‍රිකට් වාග් මාලාවක් තිබිණි. අම්පයර් ඉන්නා විටෙක පන්දු යවන්නෙක් නෝ බෝල් පන්දුවක් යැවුවහොත් පියා හඩ නගා ‘ඕ බෝල්‘ යැයි කියයි. දිනක් නොබෝල් පන්දුවක් කඩුල්ලේ වැදුනු අතර පියා පැය ගණනක් යනතුරැ ‘ඕ බෝල් වලට රිකට් එකේ වැදුනට අවුට් නෑ‘ යනුවෙන් තර්ක කල අයුරැ ජෙමාට මතකයට නැගේ.

අනෙක් පුද්ගලයා ‘පස් කෑල්ලේ රංජි‘ අයියා ලෙස ප්‍රකට ජෙමා දන්නා කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩා කරන, එසේම ජෙමාගේ හොද හිතවතකු රංජි අයියායි. රංජි අයියා ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ අයි.සී.සී රෑල්ස් අනුවය. පන්දු රකින කණ්ඩායමේ ක්‍රීඩකයන් පිච් එක උඩින් ගමන් කළහොත් රංජි අයියාගෙන් වෝනින් ලැබේ. පන්දු රකින ක්‍රීඩකයන් හදිසි ශාරීරික අවශ්‍යතාවකට හෝ හතරේ සීමාවට එපිටට ගියහොත් යැවූ පන්දුව නිපන්දුවකි. ජෙමා ක්‍රිකට් ක්‍රීඩා කිරීම නවතා දැනට බොහෝ කාලයක් වන අතර, සතලිස් වියැති රංජි අයියා තවමත් පස් කෑල්ලේ ක්‍රිකට් ගසන්නේ දැයි ජෙමා නොදනී.


ජෙමාගේ ක්‍රිකට් පිස්සුව උත්සන්න විමත් සමගම ලෙදර් බෝල ක්‍රිකට් වලට ආසාව වැඩි වූයෙන්, ගෙදරට පෙරරැත්ත කොට පෑඩ් යුගලයක්, අත්වැසුම් දෙකක් සහ ක්‍රිකට් පිත්තක් මිලදී ගත්තේ, අහල පහල උන්ගේ ද සහයෝගය ඇතිවය. ඒ වනවිටත් ජෙමා කිසි දිනෙක හාඩ් බෝල් ක්‍රිකට් ක්‍රීඩා කර තිබුනේ නැත. ආච්චිගේ වත්තේ ටර්ෆ් එකක් සෑදිම ජෙමාගේ යෝජනාවකින් ආරම්භ විය. මුලින්ම අඩියක් පමණ යටට කැපූ දිගු තීරැවක තණ තිල්ල නිර්මාණය වූ අතර, ඒ මත හණ ගෝනි එකිනෙක මසා සාදාගත් අතුරණයක් යොදා ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කළේය. අපේ ර්‍ක්‍රඩාව ස‍්හා යොදා ගත්තේ නියම ලෙදර් පන්දුව නොව ‘‘ප්‍රැක්ටිස් බොල් ‘‘ ලෙස ප්‍රකට අර්ධ ලෙදර් පන්දුවයි. මාස දෙක තුනක් යන තුරැම අපේ ක්‍රිකට් නීති රීති අනුව ක්‍රීඩා කළ ජෙමා ඇතුළු පිරිසට හාපුරා කියා මංගල ලෙදර් තරගයකට මුහුණ දීමට සූදානම් කළේ අදටත් ජෙමාගේ කළණ මිතුරකු වන ජයශාන්තයා විසිනි. එහිදී ජෙමා ඇතුළු පිරිසට විශාල ගැටළුවකට මුහුණ පාන්නට සිදුවිය. එනම් තරගය ස‍දහා එකලොස් දෙනෙකු සොයා ගැනිමයි. කෙසේ හෝ අට දෙනෙක් ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සාදා ගැනීමට සමත් වුවද තවත් තිදෙනෙකු සොයා ගත යුතු විය. එහිදී යෝජනා වූයේ දඣෂ එල්ලේ ක්‍රීඩකයෙකු වන උපුල් අයියා ඇතුළු පෙර පරම්පරාවේ වැඩ්ඩන් තිදෙනෙකු එකතු කර ගැනීමයි. කිසි දිනක ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩා කොට නොතිබුණද කණ්ඩායම සාදා ගැනීම අත්‍යාවශ්‍යකාරණයක් වූ නිසා වැඩි විරැද්ධත්වයකින් තොරව යෝජනාව සම්මත විය.

තරගයේ දිනය උදාවිය. මීරිගම නගර සභා ක්‍රීඩාංගනයේ පැවති තරගයට ආම්පන්න ඔසවා ගත් පුරැදුකාරයන් පිරිසක් පැමිණි අතර ජෙමා ඇතුළු කණ්ඩායම අප සතුවූ පෑඩ් යුගලය, අත්වැසුම් යුගලය හා එහෙන් මෙහෙන් හොයා ගත් ක්‍රිකට් පිති දෙක තුනක් සමග ක්‍රීඩාංගනයට පිවිසෙන විට ප්‍රතිවිරැද්ධ ක්‍රිඩකයන්ගේ මුවෙහි සරදම් සිනාවක් ද දක්නට තිබෙනු ජෙමාට දැක ගත හැකි විය. පළමු ඉනිම ක්‍රීඩා කළ මීරිගම ක්‍රීඩකායෝ ඕවර තිහකට ලකුණු තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ලබා ගත්තේය. හයියෙන දාන්න බැරි යැයි කියමින් ලෙදර් ගැසූ ජෙමාගේ ගජයන් නියමිත තැනකට පන්දු යවා ගැනීමට නොහැකිව අසරණ වෙද්දී පිළිමලුන් අහල පහළ ගෙවල් වල උලු ගැළවෙන්ට හයේ පහරවල් පැලුවේය. තරගයේ රැකගත් එකම උඩ පන්දුව රැක ගත්තේ අප පසුව එක් කරගත් උපුල් අයියා විසිනි. මෙහිදී සිදුවූ එක්තරා සිදුවීමක් ජෙමාට කිසිදින අමතක නොවන්නේ එයට අදාල මිතුරා අදටත් දිනපතා හමුවන බැවැනි. ඉහත කී තරගයේ ජෙමාගෙ කණ්ඩායමේ පන්දුවට පරහදීමේ අවස්ථාව උදාවිය. ක්‍රිඩකයන් එකිනෙකා දැවී යද්දී කළමනාකරණය කරගත නොහැකි වූ අපහසුම කාර්යය වූයේ පළදින ආම්පන්න හුවමාරැ කරගැනීමයි. එක් අයෙකු දැවී ගිය විට ඊළග ක්‍රිඩකයාට පන්දුව පහර දීමට යෑමට විනාඩි පහළවක පමණ කාලයක් ගත වෙන්නේ ඔහු විසින් දැවී ගිය ක්‍රිඩකයාගේ පෑඩ් යුගල, අත්වැසුම් ආදී සියල්ල ගලවා පැලද ගත යුතුවීමයි. මෙහිදී බෝල්ගාඩ් හුවමාරැව තරමක උණුසුම් කතාබහ සමග සිදුවිය. මන්ද යත් වරින් වර පන්දුවට පහර දෙන ක්‍රිඩකයන් බෝල්ගාඩ් එක යට ඇදුමට පිටින් හා ඇතුලතින් හැද සිටීමයි. පන්දුවට පහරදීමට යාමට සිටි උපුල් අයියා ‘‘මේකෙ මයිලුත් තියෙනව බං, මටනං බෑ මේක දාන්න‘‘ යැයි කියමින් බෝල්ගාඩ් නොමැතිවම නිර්භීතව පිටියට ගියේ, ඉන් පෙර පන්දුවට පහර දුන් මිතුරාට උන් හිටි තැන් අමතක වන අන්දමේ ජාතිය ඇමතීමක් ද සිදු කිරීමෙන් අනතුරැවය.

---------------------------------------------------------------------------------
ප.ලි.

මෙවන් පොස්ටුවක් දැමීමට මා උනන්දු කළ සිරා සහෝදරයාට ස්තුතිවන්ත වන අතරම, මෙහි සදහන් සියළු නම් සදහන් සියල්ලෝම පාහේ ජෙමාගේ අදටත් හොදම මිතුරන් වන අතරම ඔවුන්ව හෙලා දැකීමක් හෝ අපහාසයක් සිදු කිරීමේ අරමුණින් පොස්ටුව ඔවුන්ගේ නම් එක නොකළ බව එක හෙළාම කිව යුත්‍රය.




15 comments:

  1. සිරාම මතකයක් ජෙමෝ,අපිත් පොටර්වත්තේ ක්‍රිකට් ගහපු හැටි මතක් උනා ඒ දවස්වල අපිම හදාගත්ත නීති තිබ්බ නේන්නං දැන් නං මතක්වෙනකොටත් හිනා යනවා බං.

    ReplyDelete
    Replies
    1. හැලපෙ අයියල අපි අහල පහලනෙ නොදන්නව වුනාට හයේ පාරවල් අපේ ගම පැත්තටත් වැටුනද දන්නෙ නෑ..

      Delete
  2. ඔය ක්‍රිකට් ගැහිල්ල කොරලා නැති එකෙකුට කොලු ජීවිතයක් තියෙන්න විදිහක් නෑ ජෙමෝ. උඹ ලියන කතා වලට වඩා කවි තමයි හොඳ මචෝ.(කතාත් හොඳයි )එත් උඹේ කවි වලින් මහගමසේකර මතුවෙනවා ..මම ඒ රටාවට හරිම ආසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරය..මම කවි ලියන එක නවත්තල නෑ...මගෙ පළමු ආදරය කවිය ඒක කවදාවත් නැති වෙන්නෙ නෑ...

      Delete
  3. ජෙමා බොහොම සන්තෝෂයි මේ වෑයම ගැන...මචං ජේද අතර පරතරය ඇති කරලා ලියහං...ඒ කිව්වෙ ජේද කඩහං...එතකොට තමයි කියවන්න එන උන්ට පහසු...අනිත් කාරණේ බ්ලොග් පෝස්ටු දෙකක් අතර පරතරය අඩු කරහං...හැකි හැම වෙලේම අනිත් උන්ගෙ ඒවටත් එබිලා කොමෙන්ටුවක් කොටහං...ඔය කාරණා තමයි බ්ලොග් ලෝකෙ ටිකක් ඉහළට අඩිය තියන්න මූලික කාරණා...අනිත් කාරණේ ඉතිං උඹ ලියන ලියවිලි.

    මටත් ඔහොම අතිතයක් තිබුනා බන්...පොල් වත්තක ක්‍රිකට් ගහපු..හරිම සුන්දරයි මතක් කරනකොටත්...

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ ජෙමාව දිරිමත් කරන වචනයක් හරි කොමෙන්ටුවක කොටල යන සිරා සහෝදරයගේ පුරැද්ද මම අගය කරනව....බ්ලොග ලෝකෙ මට වඩා බොහොම ඉදිරියෙන් ඉන්න සිරා සහෝදරයගෙ උපදෙස් හදවතින්ම එන කිසිම කුහක කමක් ගෑවිලා නැති වචනම කියලත් ජෙමා හොදටම දන්නව...සිරා කපාපු පාරෙ ජෙමා ඉස්සරහටම යන්න උත්සහ කරන්නෙ, ජෙමාට පුලුවන් විදිහට

      Delete
    2. අන්න හරි ජෙමා...මට ලේසියෙන් පුලුවන් උඹව බලන්න යන්න කියලා මගේ පෝස්ටුවක් අග ලින්කුව දාන්න...ඒත් ඒක නෙමෙයි වෙන්න ඕනෙ...උඹ එතනට එන්න ඕනෙ උඹේ උත්සාහයෙන්...හරියට මම ආවා වගේ...

      Delete
  4. ඒකාලේ කිරිකොට් නීති නම් අරුම පුදුමයි බං..
    අපෙත් පට්ට නීති තොගයක් තිබ්බා..

    ReplyDelete
    Replies
    1. මෙතන සදහන් නොකරපු තව අරැම පුදුම ක්‍රිකට් නීති බර ගානක් තිබුණ සෑමො..

      Delete
  5. අඩේ මතකයන් අතීතයට ගෙන ගියා බන්.....

    ReplyDelete
    Replies
    1. මේක මටත් බොහොම සුන්දර මතකයක්...

      Delete
  6. ජෙමා ලොක්ක මම ඉතින් අහල පහල එකෙක් හැටියට ඔය කතාවලට තාම හිනා වෙනවා..පට්ට පට පට..ඔහොම යං ...

    ReplyDelete
    Replies
    1. මාව උස්සයිද දන්නෙ නෑ මුං ටික....නේද බං...?

      Delete
  7. ජෙමෝ අපිත් කරපු අපිටත් අමතක වෙලා යන කතා තමය් ඒත් පට්ටෙට ලියනව උම අය්යන්ඩි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මලය

      Delete

Related Posts Plugin for WordPress, Blogger...