Thursday, April 25, 2013

පතිවත....



කස කසා ඇට දාපු ලොකු 
සරුවත් වීදුරුවක්
ඇන්ටගෙ කඩෙන් අරගෙන
උඹ ආසම හරක් මස්
ඩෙවල් එකක් දාගෙන
කොත ගහපු ලොකු බත් එකක් 
බැඳගෙන
දෑවැද්ද සිලි සිලි බෑග් එකක
දාගෙන
ලැජ්ජ බය කුණු කාණුවෙ
ඔබාගෙන
මාර්ත නැන්දව, නැන්දම්ම
කරගෙන
ඕන්න ආව මාකස් අයියෙ
පොඩි එකාවත් කිහිල්ලෙ
ගහගෙන

පලේකාට් සරමත් ඇදගෙන
දකුණු අතේ මස් ගොබේ 
පච්චයක් ගහගෙන
බත් කඬේ ගාවින් හැමදාම 
යන එන
රේස් පත්තරේ දෙකට නවාගෙන
ඉඳහිට දවාලට කන්න ගොඩවෙන
වචන දෙක තුනකට
සැරයක් කුණු හරපයක් කියවෙන
කං හැන්දක් අගින්
පැකට් එකකට ආතල් පුරවන
කොළඹ-අනුරාධපුර බස් එකෙන්
මල් ගෝනි බස්සන
නැහැදිච්ච උඹ ගැන
හිතේ ආදරයක් පැලවුන

ලැයිමෙ උන්්
පස්සට තට්ටුවක් දාගෙන
යනකොට දැක්ක උඹේ
වම් ඇහැත් නැටවෙන
සමන්තා එකේ
සික්ස් තර්ට් ෂෝ එකට
මාවත් පංගාර්තු කරගෙන
ගිය දවසෙ මගේ වැන්දඹු
කමත් නැතිවුන
ජිනේගේ පොටෝ එක බදාගෙන
ඇඩුව මතකයි කොල්ලවත්
ලගට කරගෙන

පයිප්පෙට එන වුන්ගෙ
කටවල් මහගෙන
ඉන්න වෙන හින්ද
උන්ගෙ කුණු කතා අහගෙන
ලෑලි දොර ඇරපන් අයියෙ
ඉන්න මට ඇඳ කොනේ
පතිවත චීත්තෙන් වහගෙන

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...