Tuesday, August 20, 2013


මහවටම දියවුණෙමි

-----------------------

අව්වටම පිච්චුණු
සුදු අත්දිග කමිස
පොල්තෙල් අතුල්ලා
එක්කාසු කළ තැන තැන 
ශේෂ වූ කෙස්ස
අළු කෙසෙල්, 
ගැට පොලොස් සමඟ
බත ඔතා දිවයින පිටුවක
අවැසි අනවැසි
සියළු ලට්ට ලොට්ට
පුරවපු ඔපීසි 
ඔලොගුව රුඳින උරයක
ඉදිමුණු දණහිස්
වලට බරදී දනිපනි ගගා
මහව අල්ලන්ට
කෙසඟ මුත් තවම නාඩි 
වැටෙනා සිරුර ගෙනයමි
මාස් පඩි හිඟමන් ඉල්ලන්ට

ගුණසේන, ආරියපාල
ඇතුළු මහවේ නඩය 
මග බලයි ඉස්ටේසම
පුසුඹ සෙන්ට් තවරාණ
බෙදයි, ආලිංගන
ඉහළගම රුචිරාන
සූ හඬින් හති අරින
මහව විත් නලාව පිඹියි
කණ ගාව
තැලි පොඩිවී, 
හැඩවී ඇදවී
හිඳ ගනිමි 
විසි වසරක් පුරා
ආපු ගිය අය ගාව

මන්චි බිස්කට්, ඉඳිආප්ප
උදේ කෑම
බෙදෙයි අතිනත නොදනිත්
කොහෙන් ආව
ජනේලයකට තට්ටු දමමින් ඇසේ
කොණකින් 
සුභාවිත ගීත රාව

රතුපස්වලින් ඇරඹෙන
දේශපාලන විසංවාද
දිගුවෙයි ඇදෙයි
මහින්ද, රනිල් ගාව
බූරුවා කුට්ටම
ඇනෙයි, පෙරළෙයි
ආසි, හේරන් එක්ක
 ඕමි ගේම



අතින් අල්ලාගත්
මහවේම බැඳි හාද
තහනමේ ගෙඩි කඩන
හොර හොරෙන්
යන එන පිරිස් දෙස බලන

සහෝදර පෙම බේරෙන
මැදිවියේ සොයුරන් 
මැදිකරගෙන
අගේට හැදුණු
නංගිලා සේරම
හුරතලෙන් බෝම
කොටුවෙ, මරදානෙ දී
සායම බේරෙන

ලොක්කිගෙ මගුල ගැන
පොඩි එකාගෙ ටියුෂන් සල්ලි ගැන
ගෙවල් කුලී ගැන
ලෝන් එක ගෙවන හැටි ගැන
හිත හිතා නිදි කිර කිරා
විසි වසරක් පුරා
දියවුණෙමි මහවටම 
තත්පර පැය දවස් 
ජීවිතේ ගෙව ගෙවා

-ජෙමා

21 comments:

  1. මේ පද ගෙතුම මට මාර විදියට හිතට වැදුනා බන්...මමත් වෘත්තීය ජීවිතේ ආරම්භ කරපු මුල් අවුරුදු 3 ම මහව දුම්රියේ 10 පෙට්ටියේ එකම සැට් එකක් එක්ක ගිය එකෙක්...මහවෙ තියෙන හැම දෙයක්ම උඹ අපූරුවට ගලපලා තියෙනවා...ප්‍රියසම්භාෂණ ද , ආදරයද මේ හැමදේම නොඅඩුව වින්ද කාලයක්.....මම ගියා ආයෙමත් අතීතයට උඹේ මේ පද පේලි අතරින්...ජය !

    ReplyDelete
    Replies
    1. සිරාට..ජෙමාව මතක නැති වන්නට පුළුවන..එහෙත් එකම පාසල් මාතාව තුළ සිටි සිරාව ජෙමාට මතකය. පහළින් වැටුනු සියළුම කමෙන්ටු සිරා පසුපසින් පැමිණි සගයන්ගේ බව හො‍්ින් දනිමි. එයට සිරාට ස්තුති කළ යුතුමය. අදටත් අන්ඩර් ද රේඩාර් සිටින කෝඩුකාර බ්ලොග් කරැවකු වන ජෙමාව ඇගයීම පිළිබ‍්ද සිරා සහෝදරයට හදවතින්ම ස්තුති කරමි.

      Delete
  2. සිරා දුන්න ඔත්තුවට ආවේ. කියල වැඩක් නෑ මාත් දහදාපු දුක් විදපු කෝච්චි සෙල්ලං මතක් උනා. කියල වැඩක් නෑ... සිරා කිව්ව වගේ මේ පද පේලි අතරෙන් මම අවුරුදු ගානක් ආපස්සට අවුරුදු ගානක එක පාරට ජීවත් උනා... වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. දිගටම රැදෙන්න මේ අවකාශයේ.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. වර්ඩ් වරිෆිකේෂන් රිමූව් කළෙමි. ඇතිවූ අපහසුතාවය පිළිබ‍්කණගාටුවෙමි.

      Delete
  3. අප්පේ මහව...

    අපි කරන්නේ සින්දු කියන පෙට්ටිය බලලා නගින එක. මීරිගමින් බහින හින්දා වේයන්ගොඩ හරිය කිට්ටු වෙලා ගහන නන්ස්ටොප් එකත් වරදින්නෑ... ඒක තමා සුපිරිම!!! දවසක් ගණේමුල්ලෙන් බහින අක්කලා සෙට් එකකගෙ උපන්දින පාටියක් හම්බුනා. කේක් විමානයයි ^_^

    දැන්නං තනියම යන හින්දා යන්නේ ඉස්සරහම පෙට්ටියේ. ඒකත් සෙනසුරාදා ඉරිදට විතරයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජත් කෝචිචයෙ යන්නෙ කියල අද දන්නෙ...කොයි වෙලාවක හරි සෙට්වෙයි..එදාට ආගියාව කථා කරමු.. බෙහොම ස්තුතියි..අඩවියට එබුනට..

      Delete
  4. අවාසනාවට මට ඒ අත්දැකීම තවම ගන්න ලැබිලා නෑ.

    ReplyDelete
  5. මම ඔකේ නිත්‍ය සාමාජිකයෙක් නොවුනත් වසර 3ක් සතියට දෙවරක් වගේ ඔය අයගේ චරියාව මොනිටර් කොරන් ආව ගිය එකෙක්. හා එහෙනම් දිගටම ලියමු.

    ReplyDelete
  6. ඔක්කොටොම කලින් මේ word verification කෙහම්මල අයින් කරහං. නැත්තන් මොකෙක්වත් කොමෙන්ට් කොරන එකක් නැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..දිරිදුන්නාට

      Delete
  7. කෝච්චිය ජීර්ණය වෙච්චි අපිට හැමදාම දකින්න පුළුවන් චිත්තරේ හරි අපූරුවට අකුරු වලට අමුණලා....
    අපි හැමෝම පීල්ලක් උඩ දුවන්නේ බං.. එලියට පනින්න ගියොත් වැඩ වරදිනවා....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නිර්මාණකාරය කියන්නෙ...දකින කෙනෙක් නෙමෙයි බලන කෙනෙක්...ඇහෙන කෙනෙක් නෙමෙයි අහන කෙනෙක්....අපි උඹලට අහඹු සිද්ධි නෑ..අනිත් උන්ට දැනෙන්නෙවත් නැති දේවල් අපිට දැනෙන්න පුළුවන්..

      Delete
  8. ඔෆිස් ගෑන්සියක අත්දෑකිම නෑතත් මටත් කොච්චි අත්දෑකිම නම් අප්‍රමානයි

    ReplyDelete
  9. මම කෝච්චියෙ ගියෙ ගම්පහ ක්ලාස් යන කාලෙ විතරයි බං. ඒකත් කැළණිය ඉදන්.. :(

    හැමදාම යන උන් ගන්න සැප අපි අහල තියෙනවා ;))

    ReplyDelete
  10. බොහොම ස්තුතියි...උඹල හැමෝගෙම අදහස් වලට...තව කල් ලියන්න, හිතට ගටක් ආව..විශේෂයෙන් සිරාට ස්තුති කරනව..අපි එකම ඉස්කෝලෙ එක වහලෙ යට හිටපු එකම සහෝදරයො ඒව කවදාවත් අමතක වෙන්නේ නෑ..

    ReplyDelete
  11. වර්ඩ් වරි*ිකේෂන් නිසා අපහසුතාවයට ලක්වූ..සැමට කණගාටුව පළ කරමි...වර්ඩ් වරි*ිකේෂන් රිමූව් කළෙමි.

    ReplyDelete
  12. ඔන්න ජෙමා සිරාගේ පාර නිසා මාත් ආවා. එන්නම් දිගටම.

    ReplyDelete
  13. ඔන්න අපිත් එල්ලුනා..... හොදට කරගෙන යනව...

    එල එල... මහව කෝච්චියෙ දවස් 2 ක3 ක් ගියා එපා උනා.... උබල කොහොම යනවද දන්නෙ නෑ...

    ReplyDelete
  14. මට වෙලාව තියෙන විදිහට බ්ලොග් එක කරගෙන යනව..මාසෙකට දෙක තුනකට වඩා පොස්ටු දාන්න බැරිවෙයි..එල්ලිලා ඉන්න හැමෝගෙම දිරිමත් කිරීම් වලට ස්තුතියි...

    ReplyDelete
  15. පොස්ටුවක් දාපන් ඉක්මනට ,මේක කියවලා මට මහගම සේකර මතක් වුනා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...