ජෙමාව ලඟින් ඇසුරු කරන අය දන්නා කාරණයක් තමා, ජෙමා ‘පිච්චර් පිස්සෙක්’ බව. අහුවෙන ඕනෑම චිත්තර පටියක් බලන්න පුරුදු වෙලා හිටපු ජෙමාට මෑතක පටන් කාලය කළමණාකරණය කරන්න සිද්ධ වුනා. ඒ හින්දම හොඳයි කියල හිතෙන ෆිල්ම් එකක් ලැබුණොත් ඇරෙන්න දැන් චිත්තර පටි බැලිල්ල පොඞ්ඩකට නවත්තලයි තියෙන්නෙ. නමුත් ජෙමා දහ පාරක් විතර බලපු බොහොම අපූරු ෆිල්ම් එකක් ගැන කොහේ හෝ තැනෙක ජෙමාට දැනෙන හැටි ලියල තියන්න වුවමනාවක් කාලෙක ඉදන් තිබුනා. කවුරු හරි ඇහුවොත් මූට මඤ්ඤංද ෆිල්ම් එකක් දහ පාරක් බලන්න කියල, දෙන්න තියෙන උත්තරේ තමයි. මම චිත්තර පටි කලාව ගැන හොයද්දි මුණගැසුනු එක්තරා ගුරුවරයෙක් Lord of the rings ෆිල්ම් සෙට් එක තිස් වතාවක් විතර නරඹල තිබුණ. ඒ ඔහුට එහි තාක්ෂණික කාරණා ගැන අවබෝධයක් ගන්න. ඒක නිසා ඇයි උඹ දහ පාරක් බැලූවෙ කියල අහන්න කලින්, එක පාරක් බලල ඉඳපල්ලා යයි මෙය කියවන සිනමා රසිකයන්ගෙන් ඉල්ලන්න කැමතියි.
ජෙමා කථා කරන ෆිල්ම් එක තමයි ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරපු Schindler's List (ෂ්ලින්ඩර්ගේ ලැයිස්තුව* කියන විශිෂ්ඨ නිර්මාණය. මෙය විශිෂ්ඨ වෙන්නෙ එය ස්පිල්බර්ග් හදපු නිසාවත් එයට වැය කරපු නිෂ්පාදන පිරිවැයවත්, ස්පිල්බර්ග් විසින් කරපු බොහෝ නිර්මාණවල වගේ තිබෙන දෘශ්‍ය ප්‍රයෝග නිසාවත් නෙමෙයි. ෆිල්ම් එකේ අන්තර්ගතය හා එය පේ්රක්ෂකයා වෙත ඉදිරිපත් කර ඇති අපූර්ව ක්‍රමවේදය නිසා පමණයි.

චිත්‍රපටයේ බොහොම දැනෙන තැනක් තමයි, යුදෙව් ජනාවාසයට ගාල් කරන යුදෙව්වන්ගෙ ගමන් මළු එකතු කරන දර්ශනය, දර්ශනය ආරම්භයේ දුම්රිය පොලකින් යුදෙව්වන් ලැයිස්තුගත කොට දුම්රියට නංවනව, පසුබිමෙන් ඇහෙන්නෙ ‘‘ඔබත් සමඟ ඔබගේ ගමන් මළු ගෙන එන්න එපා, ඒවා පසුව ඔබ වෙත ලැබෙයි. ගමන් මල්ලේ ඔබගේ නම පැහැදිලිව සඳහන් කරන්න’’ යැයි නිවේදනය කරන නාසි භටයකුගේ කටහඩක්. පසුව මෙම දර්ශනය ෙඡ්දනය වෙන්නෙ ගමන් මළු සියල්ලෙන් වටිනා කියන දෑ වෙන් කරන ස්ථානයකට, එහි රන් කරුවන්, දියමන්ති වෙන් කරන්නන් වැනි බොහෝ පිරිසක් ගමන් මළු වලින් වටිනා කියන දෑ වෙන් කරනව. මෙහි එක් පසෙක යුදෙව්වන් සතුව තිබූ සිය සමීපතයන්ගේ ඡුායාරූප වෙනමම ගොඩ ගසා තිබෙනව, මෙය සංකේතාත්මකව කිපයා පාන්නේ යුදෙව්වන්ගෙ දෛවය, මෙම දර්ශනය අවසානයෙ කිසිවෙක් රන් ඈඳුණු මිනිස් දත් පැසක් රන් වෙන් කරන්නෙක් ඉදිරියේ විවෘත කරනව ඔහු මේ දෙස ඉතා සංවේදීව බලා සිටින ආකාරය ඉදිරිපත් කර ඇති අයුරු පැසසිය යුතුයි.
චිත්‍රපටයේ දෙවන භාගය, එහෙම නැත්නම් කථාවේ හැරවුම (Twist) ආරම්භ වන්නේ එස්.එස්. ලූතිනන් ආමොන් ගොඑත්ගේ ආගමනය සමඟ. ඔහු පැමිණෙන්නෙ ගොඩනැගෙන දේශපාලන සිරකරුවන් සඳහා වන බන්ධනාගාරයක කටයුතු නිරීක්ෂනයට. ගොඑත් යනු චිත්‍රපටයේ නාසි නියෝජනයයි. ඔහු ක්රකෝව් වෙත පැමිණි සැනින් බන්ධනාගාරය ගොඩනගනා යුදෙව් ඉන්ජිනේරුවරිය වෙඩි තබා මරා දමනව, කිසිම හේතුවක් නොමැතිව, ඇය යුදෙව්වෙකු වීම පමණක් නිසාවම.
පසුව 1943 මාර්තු මාසයේ දිනෙක ක්රකොව් යුදෙව් ජනාවාසය එස්.එස් නිලධාරීන් එහිදී සහයෝගය නොදෙන, වයසට ගිය, රෝගී වුණු ගැහැණු පිරිමි සියළු දෙනා මරා දමනව. ස්පිල්බර්ග් මෙහිදී සිය ප්‍රතිභාව පෙන්වන්නෙ අනූවදශකය වනවිටත් බොහෝ විට සිනමාකරණයේදී යොදා නොගත් හෑන්ඞ්හෙල්ඞ් කැමරා භාවිතයෙන්, කැමරාකරුගේ උරෙහි ?ඳවූ කැමරාව යුදෙව් සමූලඝාතනයේ තැන තැනට, විවිධ සිද්ධීන්වලට ගෙනගොස් එය පේ්රක්ෂකයාට බොහොම අපූරුවට ලං කරන්න ඔහු සමත් වෙනව. පසුකාලයේදී ස්පිල්බර්ග් විසින්ම නිර්මාණය කල Saving Private Ryan චිත්‍රපටයේ වෙරළේ අවි ගැටුමක් රූගත කිරීම සඳහාත්, මේ ආකාරයටම හෑන්ඞ් හෙල්ඞ් කැමරා භාවිතා කර ඇති අයුරු පේ්රක්ෂක බොහෝ දෙනා දන්නා කරුණක්.
.jpg)
‘‘ඇමෙරිකාව,රුසියාව සහ එංගලන්තය යන සියළු රටවල් මෙම සමූළ ඝාතනයන් සිදුවන ආකාරය හොඳින් දැන සිටියා. එහෙත් අප කිසිවක් කළේ නැහැ. අපි අපේ කිසිම හමුදාවක් යෙදෙව්වෙ නැහැ මේ මරණය සඳහා වන ගමන නවත්වන්න අවශ්‍ය අවස්ථාවෙදි. එය විශාල රතු රුධිර පැල්ලමක්. අපි හැමෝම දැක්ක රතු පැහැය නමුත් කිසිවෙකු කිසිවෙක් කළේ නැහැ ඒ පිළිබඳව. ඒ නිසාම තමයි රතු පැහැය ගෙනෙන්න වුවමනා වුනේ මට’’
.jpg)
ෂ්ලින්ඞ්ලර් මේ සිදුවීමෙන් පසුව ගොඑත්ව එකඟ කරගන්නව තමන්ගේ කර්මාන්තශාලා සේවකයින් සඳහා වන උප කඳවුරක් තනාගන්න. මේ සඳහා ගොඑත් සහ එස්.එස්. නිලධාරීන්ට සුපුරුදු පරිදි අල්ලස් දීමක් සිදුකෙරෙනව. මෙහිදී ෂ්ලින්ඞ්ලර් උත්සාහ කරනව, කර්මාන්තශාලාව බාධාවකින් තොරව පවත්වාගෙන යන අතරතුරම යුදෙව්වන් හැකි පමණ ආරක්ෂා කරන්නට. ලෙවටෝර් නම් අසව් සාදන්නා, කුකුළු සොරකමේදී ඥානාන්විතව කි‍්‍රයා කරන දරුවා, පර්ල්මෑන් යුවල ඉන්් කිහිප දෙනෙක්.
මේ අතර ගොඑත් හා ෂ්ලින්ඞ්ලර් සඳළුතලයේ සිට සිදු කරනු ලබන චිත්‍රපටයේ වැදගත්ම ලෙස සැලකිය හැකි සංවාදය සිදුවෙනවා. මෙහිදී ෂ්ලින්ඩල්ර් ගොඑත්ට පවසන්නේ ‘‘බලය යනු මරාදැමීම නොව, අප සතුව මරා දැමීමට සුදුසු සියළු යුක්ති සහගත කාරණා තිබියදීමත් මරා නොදැමීමයි’’ යන්නයි. ගොඑත් මේ පිළිබඳ තවදුරටත් ප්‍රශ්න කරනව. එවිට ෂ්ලින්ඞ්ලර් පැහැදිලි කරන්නේ ‘‘සියළු අධිරාජ්‍යයන් සතුව පැවතුණේ එවැන්නක්. කිසියම් මිනිසෙක් යමක් සොරකම් කොට අධිරාජ්‍යයයා හමුවට ගෙන එනව. එවිට ඒ මිනිසා බිම වැතිර සමාව අයදිනව. එවිට අධිරාජ්‍යයා ඔහුට සමාව දෙනව. මේ කිසිම වැදගම්මකට නැති මිනිහව ඔහු නිදහස් කරනව. එයයි බලය..ආමොන්..එය තමයි බලය’’ මේ සංවාදය ගොඑත්ට කෙතරම් බලපානවා යැයිද කිවහොත් පසුදා උදෑසන සිට ගොඑත් වෙනස්ම මිනිසෙකු බවට පත්වෙනව. ඔහු තමන්ගෙ සෑදලය නොසැලිකිල්ලෙන් බිම දැමූ කොළුවාට, වැඩ කරන අතරතුරේ දුම් බොමින් සිටි යුදෙව් කාන්තාවට වැන්නවුන්ට සමාව දෙනව, අවසානයේ තමන්ගේ නාන කාමරයේ තිබූ කුණු පැල්ලම් ඉවත් කිරීම අතපසු වූ ලීෂෙක් නම් යුදෙව් කොළුවාවද ‘‘මම නුඹට සමාව දෙනවා (I pardon you) යනුවෙන් පවසමින් දඩුවම් නොකර සිටිනවා. නමුත් ඒ සුළු වේලාවකට පමණයි. අවසානයේ ඔහු නාන කාමරයේ පැල්ලම් ඉවත් නොකල කොළුවාට වෙඩි තබා මරා දමනව.
යුදෙව් ගෙටොවේ රඳවා සිටින කාන්තාවන් අතර ඇතිවන සංවාදය ද සුවිශේෂයි. එහිදී තට්ටු ඇඳක සිටින කාන්තාවක් පවසන්නේ ‘‘දුම්රිය එනවලූ, ඒවායෙන් මිනිස්සුන්ව මුගුරු වලින් පහරදීල එලියට ගන්නව. ඔවුන්ව විශාල රැුඳවුම් කඳවුරු දෙකක් ඉදිරියට ගෙනැවිත් පෙළ ගස්සනව. එහි එක් කඳවුරක් ‘‘ලෝගු කාමරය’’ නමිනුත් අනෙක් ‘‘වටිනා කියන දෑ’’ යනුවෙනුත් සටහන් කරල තියෙනව. එහිදී ඔවුන්ව නිරුවත් කරනව. යුදෙව් කොළුවෙක් ඇවිත් ඔවුන්ට ලණු කෑල්ලක් දෙනව සපත්තු ගැට ගසන්නට. ඔවුන්ගේ හිස මුඩු කරනව. පසුව ඔවුන්ව විශාල කොරිඩෝවන් දිගේ ඬේවිඞ් තාරකාවන් සටහන් කර ඇති දොරවල් සහිත කාමරයකට ගෙනියනව. එහි ඇතුලත ‘‘ස්නානය හා හුස්ම ගැනීමේ කාමරය’’ නමින් සටහන් කර ඇති පුවරුවක් තියෙනව. පසුව එස්.එස්. නිලධාරීන් ඔවුන්ට සබන් ලබා දෙනව. ඔවුන් කියනව හැමෝම හොඳට හුස්ම ගන්න. එය ආසාධිත වීම අඩු කරන්න හොඳ ක්‍රමයක් කියල. ඉන් පස්සෙ ඔවුන්ව ගෑස් යොදා මරා දමනව’’
පසුව 1944 අපි‍්‍රයෙල් මාසයේ දිනක ක්රකෝව් සහ ප්ලසෝව් හි මරා දැමුණු යුදෙව්වන් දස දහසකගේ පමණ සිරුරු පුළුස්සා දමනව. චිත්‍රපටයේ සංවේදීම දර්ශනය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අත් කරත්ත පිරවූ මළ සිරුරු, කුරිරු අන්දමින් සිනාසෙමින් මළ සිරුරු වලට පවා වෙඩි තබා නාසි නිලධාරීන්, හිම වැටෙන්නාක් වැනි පිළිස්සුණු අළු, එසේම මේ සියල්ල දෙස සංවේදීව බලා සිටින ෂ්ලින්ඞ්ලර් ආදිය යොදාගෙන ස්පිල්බර්ග් විසින් චිත්‍රපටයේ උච්චතම අවස්ථාව නිර්මාණයට උත්සාහ කර තිබෙනව. මේ සිරුරු අතරේ රතු ලෝගුව හැඳි දැරියගේ සිරුරත් අත් කරත්තයකින් රැුගෙන යනව. මෙය දකින ෂ්ලින්ඩල්ර්ගේ මුහුණේ ඉරියව් වෙනස්වන ආකාරයත්, හදවත දවාගෙන යන බැල්මත් මෙය නැරඹු කිසිවෙකුට අමතක නොවන්නක්.

චිත්‍රපටයේ අවසන් භාගය ආරම්භ වෙන්නෙ ෂ්ලින්ඞ්ලර් විසින් ඔහුගේ උපන් ගම වන බි්රන්ලිට්ස් වෙත සිය ශ්‍රමිකයන් පිළිගැනීමේ දර්ශනයකින්. මේ අතර ප්ලසෝව් සිට ෂ්ලින්ඞ්ලර්ගේ ශ්‍රමිකයන් වන කාන්තාවන් රැුගත් දුම්රිය වැරදීමකින් ඔස්ක්විට්ස් වෙත ගෙන යනු ලබනව. එහිදී ඔවුන්ට ඔවුන්ගේ මිතුරියක විසින් රාතී‍්‍ර කාලයේදී පැවසූ ආකාරයටම ඔවුන්ගේ හිස මුඩු කොට, නිරුවත් කොට කාමරයකට ගාල් කරනව. එතෙක් තම මිතුරිය විසින් පැවසූ ආකාරයට ගෑස් කාමර ගැන විශ්වාස නොකළ අය පවා මෙහිදී තමන්ගේ අවසානය ලඟා වූ බව විශ්වාස කරනව. නමුත් අවසාන මොහොතේ ඔස්ක්විට්ස කරා පැමිණෙන ෂ්ලින්ඩල්ර් එස්.එස්. නිලධාරීන්ට අල්ලස් ලබා දී සියළු කාන්තාවන් නිදහස් කර ගන්නව. මෙහිදී පැවසිය යුතු විශේෂම කාරණය නම් ෂ්ලින්ඞ්ල්ර් විසින් නිරුවත චිත්‍රපටයේ අත්යාඅවශ්යම අවස්ථා වලදී යොදා ඇති අන්දමයි. නිරුවත් කාන්තාවක් යනු සෙක්ස් සිම්බල් එකක් පමණකැයි විශ්වාස කරන්නවුන් ඉදිරියේ කාන්තාවන් සියයක් පමණ එකවර නිරුවත් කරන ස්පිල්බර්ග් ප්‍රේක්ෂකයා තුළ ඇති කරන්නේ අපමණ කම්පනයක්.
ෂ්ලින්ඞ්ලර්ගේ නව කර්මාන්ත ශාලාව තුල හිතු මතයේ යුදෙව්වන් මරා දැමීම ඔහු තහනම් කරනව, එසේම සිකුරාදා දිනයන්හි සබත් ඇදහීම පවා යුදෙව්වන් විසින් සිදු කරනව. ඔහුගේ කර්මාන්ත ශාලාවේ යුද්ධය සඳහා අවශ්‍ය ශෙල් උණ්ඩ සාදන බව පැවසුවත්, ෂ්ලින්ඞ්ල්ර් විසින් නිපදවූ කිසිම ශෙල් උණ්ඩයක් යුද්ධය සඳහා පාවිච්චි වෙන්නේ නැහැ. ඔහු මාස හතක් පුරා එස්.එස්. නිලධාරීන්ට අල්ලස් දෙමින් යුදෙව්වන් ආරක්ෂා කරනව.
අවසානයේ මිතුරු හමුදාවන් ඉදිරියේ කොන්දේසි විරහිතව ජර්මානුවන් සිය අවි පසෙක දමා යටත් වෙන බව ගුවන් විදුලියෙන් යුදෙව්වන් අසා සිටිනව. ඔහු සිය අවසාන කථාවේ සඳහන් කර සිටින්නේ ‘‘ඔබ ආරක්ෂා කිරීම පිළිබඳව බොහෝ අය පැමිණ මට ස්තුති කළා, නමුත් ඔබලා තමන්ටම ස්තුති කර ගත යුතුයි.’’ නාසි නිලධාරියෙකු සහ වහල් සේවයේ යෙදවීම වැනි කාරණා නිසා තමන්ව අත්අඩංගුවට ගත හැකි නිසා ෂ්ලින්ඞ්ලර් සිය යුදෙව්වන්ට සමු දෙන්නට තීරණය කරනව. එහිදී ඉදිරියට පැමිණෙන යුදෙව් සේවකයෙකු ඔවුන් විසින් කරුණු පැහැදිලි කරමින් ලිපියක් ලියූ බවත්, එය සියලූම සේවකයින් විසින් අත්සන් කර ඇති බවත් පවසනව. චිත්‍රපටයේ සුවිශේෂම මොහොත වන යුදෙව්වන් විසින් සකස් කළ මුද්දක් ෂ්ලින්ඞ්ලර් වෙත පිරිනැමීම මෙහදී සිදුවෙනව. එහි ‘‘එකෙකුගේ ජීවිතය ආරක්ෂා කරන්නා. මුළු ලෝකයේම ජීවිත ආරක්ෂා කරයි ‘‘ යනුවෙන් සඳහන් කොට තිබෙනව. මෙහිදී ඉතා සංවේදීව හඬා වැලපෙමින් ෂ්ලින්ඞ්ලර් කියන්නෙ ‘‘මම මගෙ වාහනය විකුණුව නම් තව දස දෙනෙක් බේරා ගන්න තිබුණා. නැත්නම් මේ රත්තරන් පින් එක විකුණුවා නම් අඩුගානේ තව එක ජීවිතයක් බේරා ගන්න තිබුණා ස්ටර්න්..තව එක ජීවිතයක්’’
චිත්‍රපටය අවසාන වෙන්නෙ ෂ්ලින්ඞ්ලර්ගේ යුදෙව්වන් දිගු පෝළිමක් ලෙස නගරය කරා ඇවිද යන දර්ශනයකින්, පෝලන්තයේ අදටත් ඉතුරුවී සිටින ෂ්ලින්ඞ්ලර් යුදෙව්වන් පිරිසගේ සත්‍ය දර්ශනයකට මෙය ෙඡ්දනය වෙනව. ෂ්ලින්ඩල්ර්ගේ සැබෑ සොහොන වෙත පැමිණෙන් ෂ්ලින්ඞ්ලර් යුදෙව්වන් සිය ප්‍රණාමය ඔහුට පුද කරමින් චිත්‍රපටය අවසාන වෙනව.
ඉතා දීර්ඝව විස්තර කරමින් මෙසේ ෂ්ලින්ඞ්ලර්ගේ ලැයිස්තුව ප්‍රකාශ කළේ, තව එක් සිනමා රසිකයෙකු හෝ ෂ්ලින්ඞ්ලර්ගේ ලැයිස්තුව නරඹාවි යන අටියෙනි. ස්පිල්බර්ග් විසින් කළ හොඳම නිර්මාණය ලෙස සැලකෙන මෙහි කිසිම කේ්රන් ෂොට් එකක් නැත, කළුසුදු රූගත කිරීමේදී ස්පිල්බර්ග් විසින් සුවිශේෂ ලෙස පසුබිම් හා චරිත වල ඇඳුම් සකස් කළ බවත්, මෙහි යොදා ගත් සංගීතය අදටත් සිනමා ඉතිහාසයේ විශිෂ්ඨ පසුබිම් සංගීතයන්ගෙන් එකක් ලෙසටත් සැළකේ. එසේම චිත්‍රපටය රූගත කිරීමේදී බොහෝ විට යොදා ගන්නා කථා පුවරු (Story Board) යොදා නොගෙන වාර්තා චිත්‍රපටයක් රූගත කරන ආකාරයට, සිදුවීම් වලට ගලා යාමට ඉඩ දෙමින් බාහිර පුද්ගලයෙකුගේ ඇසින් රූගත කළ බව හෙතෙම පවසයි.
ස්ටීවන් ස්පිල්බර්ග් යනු කාලය තරණය කල පුද්ගලයෙකු යැයි පැවසීම සාධාරණය. (Beyond his time) වසර 1993 නිර්මාණය කළ මෙම චිත්‍රපටය තවත් වසර විස්සකින් නැරඹුවද, එය නිර්මාණය කළ කාලය නිර්ණය කල නොහැකි තරමේ විශිෂ්ඨ නිර්මාණයකි. එබැවින් හොලිවුඞ් සිනමාවේ විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙක් ලෙස ස්ටීවන් ස්පිල්බර්ග් නම් සිනමාකරුවා ඉතිහාසගත වනු නොඅනුමානය.
------------------------------------------------------------------------------------------------------------------------------
බලන්න කැමති අයට ටොරන්ට් ලින්කුවක්- http://kickass.to/schindler-s-list-1993-1080p-brrip-x264-yify-t7381892.html
------------------------------------------------------------------------------------------------------------------------------
බලන්න කැමති අයට ටොරන්ට් ලින්කුවක්-
tawa me wage hoda film gana vichara wadi wadiyen liyana men jemagen illa sitimi.
ReplyDeleteeseya digatama liyami...
Deleteමම ජෙමාගේ අඩවියට ඇවිත් නෑ කලින්. මම ආවේ මේ මූවී එකේ නම දැකලා.
ReplyDeleteSchindler's List මම බලපු පට්ටම මූවී එකක් තමයි. මේක කලු සුදු ඇයි කියලා මම මුලදි කල්පනා කලා. පස්සේ හිතුනා එහෙමත් නරක නෑ කියලා.
ස්පීල්බර්ග් කියන්නේ මොනවගේ පුද්ගලයෙක්ද කියන එකමේකෙන් නැවත වතාවක් ඔප්පු කරලා තියෙනවා.
මේකේ රඟපෑමුත් අති විශිෂ්ඨයි.
අනේ ඉතින් කවදා අපේ අය මේවගේ එකක් හදයිද?
ලංකාවෙ අන්තර්ජාතික මට්ටමට යා යුතු, චිත%පට හැදුනෙ නෑ කියන්න බෑ, බඹරැ ඇවිත්, සොල්දාදු උන්නැහේ, සරැංගලේ වගේ චිත%පටි මිනිස්සුන්ගෙ හිත දිනා ගත්ත වගේම සිනමා ආඛ්‍යානයක් එක්ක ආපු නිර්මාණ. මේවට බොහෝ විට වුනේ එවක විශිෂ්ටයන් යැයි කියා ගනිමින් සම්භාව්‍ය යැයි කියා ගන්න වට්ටෝරැ සිනමා නිර්මාණකරැවන් ඉදිරියේ වියැකී යාම. ස්පිල්බර්ග් කියන්නේ වාණිජ සිනමාකරැවෙක් හැබැයි ඔස්කාර් දිනන මටිටමේ කලාත්මක සිනමා කෘතියක් කරන්න තරම් ඔහුට තිබුණු සිනමාව පිළිබදව පුළුල් දැනුම අපි අගය කළ යුතුයි. ධර්මසේන පතිරාජ, එච්.ඩී පෙ%මරත්න වගේ සිනමාකරැවෝ වාණිජ සිනමා කෘති අස්සෙ කලාව ඒක්කාසු කරල අපූරැ නිර්මාණ හැදුව. ඉගෙන ගන්නව නම් හොලිවුඩ් නොයා අපේ අයගෙන්ම පාඩම් ඉගෙන ගන්න පුළුවන්.
ReplyDeleteඅපිත් කැමතියි බයිස්කෝප් ගැන දැනගන්න...ඔහොම යං ජෙමා ලොක්කා..අපි එනව ..
ReplyDeleteසමාවෙයන් ජෙමා...මම චිත්‍රපට බලන්න ආසම නැති කලාතුරකින් හමුවෙන වර්ගයේ එකෙක්...ඒ නිසා මම මේ ගැන මොකුත් කියන්නෙ නෑ...විවිධ මාතෘකා ගැන දිගටම ලියහං....
ReplyDelete