රත්තා රොබ්බාගෙන
ගෙජ්ජි හැඩවෙයි
පන්සලේ පිරිත් තාලෙට
අඩි දෙකේ හතරේ සුදු
කොඩිය
අඩකුඹව
සුළග ලෙලවයි සපිරිවර
ගොක් රෑන්
ලූණු මිදෙල්ලා ගහෙන් පාතට
ලණු ඇද කොයිතරම් අමාරැද?
කිරි කිරිය, මකුණන්ගෙ
කරදරය?
පඩික්කම පිරෙන්නට
රතුවෙන්න
කෙළ නොගැහුවොත්
පාලුයි වගේ
පිල උඩින් චුරැස් කියා
ඇගිලි දෙක මැද්දෙන්
බුලත් කෙළ නොවිද්දොත්
මිදුල හෙලුවෙන් වගේ
මම කොහේ බුලත් හපන්නද
දුප් යන්න පර බල්ල
මෙහෙ වරෙන් මගෙ
කුක්ක, බූලගෙ හිත හදන්නෙ
කවුද
උණු අලු පල්ලෙ තියාපු
කරෝලයෙක් අරන්
රවුමට බත් ගුලි කරන්
මං කොහොම කවන්නද බූලො
උඩු බුරන් නැතුව ඉදහන්
දෙල් කද කනත්තට ගිහිං
බලහං
මහ පිරිත් පොත පරණ
සුවදයි
මහ ලොකුයි,
වෙල ඉහත්තාවට
ඇහෙන්නට ‘සබ්බේ සත්තා
පුතජ්ජනා‘‘
වයසට නොගිය පිරිමි
සද්දෙන්,
මම කොහේ කියන්නද
සුදු වැල්ලෙ ඇන්ටන් එක්ක
මූදු ගිය හැටි
ජපන බෝම්බ දාද්දි බලාන
හිටපු හැටි
කිරිඅම්ම වදකහ සුදිය
බීපු හැටි
කටට ඉබ්බො දාපු කාපිරි
ආපු හැටි
කවුරැ මට කියන්නද,
වෙන කොහෙන් අහන්නද
මටත් ආසයි හැත්තැ පහ වෙන්න
තවත් වයසට යන්න
හත්දොහකට කලින් වලදාපු
මගේ වීරය වෙන්න
-ජෙමා
-ජෙමා
ඒඒඒ ජෙමාගෙ ආත මරුනේ...අතල් එකට ...හිකිස්.
ReplyDeleteයකෝ උඹට..ආත මලාට පස්සෙත් ආතල්ද..හික්
Deleteදෙල්කඳ කනත්ත ගැන මතක් කරල තියෙන්නෙ ඇයි ජෙමෝ,ආත හිටියෙ ගෙදර නෙවෙයිද.
ReplyDeleteනැහැ දෙල්කද හැලපෙ අයියෙ
Deleteඔබේ වීරය වගේ ඔබ හොදට හැදෙන්න.
ReplyDeleteජය වේවා.
ගොඩාක් වින්දා මේ පද පෙළ ජෙමෝ...මට සීයලා එක්ක වැඩි කාලයක් ආශ්‍රය කරන්න ලැබිලා නෑ...මවගෙ වගේම පිය පාර්ශවයෙත් සීයලා දෙන්නා ඉක්මනින් තීන්දු ගමන් ගියා...ඒ නිසා සීයෙකුගෙ සෙනෙහස තියෙන ඕනෙම තැනක මගේ හිත නතර වෙනවා...මේ ලෝකෙ හැමදේම කාටවත් විදින්න දකින්න ලැබෙන්නෙ නෑ නේද කියලා හිත හදාගන්නවා...
ReplyDeleteසීයාට නිවන් සුව පතනවා..
සීයෙක්ගෙ සෙනෙහස, නොලැබුනාට උඹට හොද මුල් තිබ්බ බව තේරෙනව සිරෝ...උඹේ කථා කලාව ඇතුලෙ...කොහෙන්දෝ ලැබිච්ච ඇසූ පිරෑ තැන් ඇත්තෙක්ගෙ ආභාෂය තියෙනව...ඒක ගෛඩක් වටිනව
Deleteහුගක් ලස්සනට ලියවුන කවි පෙලක් ජෙමා.. අදයි මේ පැත්තේ ආවෙ.. නියමයි..
ReplyDeleteආවට බොහොම ස්තුතයි. හැකි වෙලාවක ඇවිල්ල කොමෙන්ටුවක් කොටල යන්න..
Deleteහැත්ත පහක්...? අම්මෝ අද කාලේ හැටියට ආත්ම දෙකක් වගේ...
ReplyDeleteපරණ මිනිස්සුන්ගෙ පණ හයියයි බං..
Deleteමට අපේ අත්තා මතක් උනා :(
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!