Thursday, November 14, 2013

පියෙකුගේ විශ්වීය සෙනෙහස...


(ජෙමා මේ කවි පන්තිය ලිව්ව නෙමෙයි ලියවුනා කිව්වොත් නිවැරදයි...මීට අවුරැදු දෙක තුනකට කලින් රෑපවාහිනිය නරඹමින් ඉන්න කොට අහන්න ලැබුනු එක්තරා සංවේදී කථාවක් නිසා....දින ගණනාවක් හදවතේ පුපුරැ ගහමින් තිබුණු හැගීමක් කවියකට පෙරලුනේ නිරායාසයෙන්මයි...මේ වගේ කවියක් මම නැවතත් ලියන්න උත්සාහ කලත් කවදාවත් නැවතත් එහෙම කවියක් ලියන්න බැරිවුනා....අවුරැදු දෙක තුනකට කලින් ලිව්වත් අදටත් එදා දැනුනු පපුවට විදුලි කෙටුවාක් වැනි හැගීම මේ කවිය කියවෙන හැම මොහොතකම මට දැනෙනව... කවියෙ කවිකම කොච්චරට තියෙනවද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..හැබැයි අදටත් ජෙමා අගය කරන ජෙමා කැමතිම කවි වලින් එකක් මේක..)

හබලට ඔරු කඳට නිවනක් ලද                                            දාක
සුදු දුව ඇවිත් යෙහෙලියෙකුව                                          කැන්දාන
අපි යමු තාත්තේ ඔරුවෙන් අර                                         ඈත
ඇවිටිලා කලා හුරතල් වී මගෙ                                            ගාව

සුදු මල් වැටුණු ගවුමක් ඈ                                    ඇඳගත්තා
කාටත් කලින් කොල්ලෑවට                                              නැගගත්තා
පුරුදුකාරියක් ඔරුවට මම                                                අක්කා
කියමින් හබල් ගෑවා ¥ ඈ                                                 එක්කා

අමතක වුනිද මල හිරු නොබසින                                      ගානයි
වැව් දිය නිසල දිය රැුලි නොනගින                                   ගානයි
මලවුල් වැවේ නෙළුමන් මැලවුණු                                     ගානයි
හබලට හුරු මගේ අත් අද වෙවුලන                                   ගානයි

කිරලෙක් හඬයි  වෑ ඉවුරේ                                                 ඈත
¥ දඟ කරා ඉල්ලා නෙළුමක්                                               මෑත
අත් පොඩි සිගිති දිග මදි හින්දා                                            ¥
මම ලංවුනා නෙළනට නෙළුමක්                                       ඈට


වෑ කණ්ඩියේ රුක් දෙවියෝ                                               නොදැක්කද
වුනු මහ විපත කෙලෙසින් සිහි                                            කරන්නද
හබලට වාරු දී ගිය නෙළුමක්                                              කඩන්නට
පෙරලූනි ඔරුව තිදෙනා යයි                                               ගිලෙන්නට

හුරු වැව් දියේ ඔහු නම් පීනා                                              යන්නේ
¥ හා යෙහෙළියත් නෑ අසලක                                             ඉන්නේ
දිය මැද කොහොම මරුවා රවටා                                       ගන්නේ
පෙරලූණු ඔරුව ලඟ අතකුයි අසු                                       වන්නේ

අසුවණ අතින් ඇද්දා ඔහු මෙගොඩ                                   බලා
¥ නොව යෙහෙලියයි ඉන්නේ දෑත                                   වෙලා
පිය සෙනෙහසින් යද්දී වැව දෙගොඩ                        තලා
දිය මැද දුව දමා යෙහෙලිය එගොඩ                         කලා

දෙවනුව ඇවිත් වෑ දිය පීරා                                                බැලූවා
කෝ මගෙ මැණික කෝ කොහෙවත්                                නැතුවා
¥ තරහින්ද ඔහු වැව් පතුලෙන්                                            ඇසුවා
නොමදත් කිසිත් සේ වැව මුනිවත                                     රැුකුවා

මේ වැව් දියට මින් පසු මම                                               නොඑන්නෙමි
පිය සෙනෙහසින්, මනුසත්කම                                          හැඳින්නෙමි  
¥ තරහාද ඒ ගැන මම                                                     නොදන්නෙමි
නුඹෙ යෙහෙලියගෙ මුහුණෙන් ¥                             දකින්නෙමි

 -fcud






16 comments:

  1. කියන්න වචන නැත. උඹ කිව්ව වගේ විදුලියක් කොටන්නම ඕන මේ වගේ කවි ලියන්න... ජය වේවා. ජෙමා.. මම බල්ලෙක් ගන්නයි හිතං ඉන්නේ. හැක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේශක සහෝදරය බල්ල අනිවාර්යයෙන් ගනිං....

      Delete
  2. කවි ටික ලස්සනයි ජෙමෝ,දුක හිතෙන කවි පෙළක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපෙ අයියෙ..උඹ වගේ බර සාරෙට ලියන්න පුලුවන් වෙච්ච දවසක මමමත් හොද කතන්දරයක් ලියනව..

      Delete
  3. නියම කවි ටික ජෙමා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්...

      Delete
  4. සුදු නෙලුම් මල දැස පියවි එහා ඉවුරට පා වුනා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය කියන පදපෙලත් මගෙ මතකයට ආව මේ කවිය ලියද්දි.....මම නිවැරදිද දන්නේ නෑ මම හිතතන්නේ රත්න ශී% විජේසිංහයෙන්ගෙ සංකල්පනාවක් ඕක...

      Delete
    2. ඔව් රත්න ශ්‍රි කවියා විසින් ලිය අමරදේවයානන් ගයපු "සුදු නෙලුම කො සොර බොර වැවේ" ගීතය

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. නියම කවි ටික..ආසාවේ බැහැ..ඔහොම යං ...

    ReplyDelete
    Replies
    1. එලකිරි....ටන්කියු....

      Delete
  7. පට්ටයි ජෙමා...මට නම් සුපිරිම සුපිරියි...මම මෙතෙක් කියෙව්ව උඹේ හොදම නිර්මාණය වෙච්ච මහව කයියටත් වඩා මේක සුපිරියි...මේ වගේ දිගටම ලියාගෙන යමන්...තව සින්ඩි කීපයකට බොග සම්බන්ධ කරපන්...මගෙ එකෙන් සින්ඩි ලිස්ට් එක බලහං....ජනතාව දැන් කෙමෙන් කෙමෙන් එනවා වගෙයි මේ පැත්තට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා සහෝදරය...උඹ මට දුන්නු තල්ලුවෙන් තමයි..මේ තරම් දුර හරි ආවෙ...මම සින්ඩි සෑහන ගාණකට රික්වෙස්ට් යැව්ව ප්‍රතිචාර ලැබුනෙ තවම දෙක තුනකින් විතරයි...

      Delete
  8. එලම කිරි ජෙමෝ. කියන්න වචන නෑ.
    http://aluth-malli.blogspot.com/2012/10/9.html

    මෙන්න මේකට දාල ඔය කවි ටික එලයින්මන්ට් හදාගනින් එතකොට 100% ම සම්පූර්ණයි.

    ReplyDelete
    Replies
    1. උඹේ ලින්කුව රටක් වටිනව...බොහෝම ස්තුතියි..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...