පළමුවෙනි කොටසින්...
ඇලන් කසිප්පු පෙරා විකුණන්නෙකි. සිය මව පියා ගැන හාවක් හූවක් නොදන්නා හෙතෙම ජීවත්වන්නේ සිය මිත්තණියගේ නිවසේය. සිය අනියම් බිරිය වන විනෝදනීගේ නිවසට රාති්රෙය් ඇතුළු වූ දිනෙක ව ඇයගේ එකම පුත්‍රයා බන්ටි කිසියම් රෝගයකින් පෙලෙන බව ඔහුට දැන ගන්නට ලැබේ. බන්ටි හුදලකලාව ප්‍රිය කරන රෑපවාහිනියේ කාටුන් නරඹි සුපිරි වීරයෙකු සේ හැද තනියම සෙල්ලමේ යෙදෙන කොලුවෙකි. දිනක් විනෝදනීගේ නිවසේදී, බන්ටිය හදිස්සියේ සිහි මූර්ජාවට පත්වන අතර ඇලන් , විනෝදනී හා ඇයගේ නීත්‍යානුකූල සැමියා කොලුවා රෝහලට රැගෙන යයි.
1 කොටස නැවතත් කියවන්නේ නම්...
එතැන් සිට...
ඇලන් දොඩම් ගෙඩි තුන හතරක් හා මිදි පන්සියයක් මිලදී ගත්තේ බන්ටියා මිදි කෑමට රැචි හෙයිනි. කොරිඩෝවෙන් වමට හැරැණු තැන හයේ වාට්ටුවේ ඇදක බන්ටියා නිදා සිටියේය. වමතට සම්බන්ධ කළ සේලයින් බෝතලයකින් බිදුවෙන් බිදුව සේලයින් සිහින් බටය දිගේ කොලුවාගෙ නහර වලට ඇතුල් වෙමින් තිබිණි.
ඇලන් කසිප්පු පෙරා විකුණන්නෙකි. සිය මව පියා ගැන හාවක් හූවක් නොදන්නා හෙතෙම ජීවත්වන්නේ සිය මිත්තණියගේ නිවසේය. සිය අනියම් බිරිය වන විනෝදනීගේ නිවසට රාති්රෙය් ඇතුළු වූ දිනෙක ව ඇයගේ එකම පුත්‍රයා බන්ටි කිසියම් රෝගයකින් පෙලෙන බව ඔහුට දැන ගන්නට ලැබේ. බන්ටි හුදලකලාව ප්‍රිය කරන රෑපවාහිනියේ කාටුන් නරඹි සුපිරි වීරයෙකු සේ හැද තනියම සෙල්ලමේ යෙදෙන කොලුවෙකි. දිනක් විනෝදනීගේ නිවසේදී, බන්ටිය හදිස්සියේ සිහි මූර්ජාවට පත්වන අතර ඇලන් , විනෝදනී හා ඇයගේ නීත්‍යානුකූල සැමියා කොලුවා රෝහලට රැගෙන යයි.
1 කොටස නැවතත් කියවන්නේ නම්...
එතැන් සිට...
ඇලන් දොඩම් ගෙඩි තුන හතරක් හා මිදි පන්සියයක් මිලදී ගත්තේ බන්ටියා මිදි කෑමට රැචි හෙයිනි. කොරිඩෝවෙන් වමට හැරැණු තැන හයේ වාට්ටුවේ ඇදක බන්ටියා නිදා සිටියේය. වමතට සම්බන්ධ කළ සේලයින් බෝතලයකින් බිදුවෙන් බිදුව සේලයින් සිහින් බටය දිගේ කොලුවාගෙ නහර වලට ඇතුල් වෙමින් තිබිණි.
‘‘අයියෝ...ඇලන් අයියෙ මගෙ කොල්ලා‘‘ විනෝදනී වැලහින්නක් සේ හඩමින් ඇලන්ව බදා
ගත්තාය.
‘‘මොකද බං මේකි අඩන්නෙ...කොල්ලට අමාරැද‘‘ ඇලන් කුහුලෙන් ඇලබට්ගෙන් විමසුවේ තමන්ගේ
ලෙයින් නොවැදුවද, තමන්ගේ එකෙකුට වඩා ඇල්මෙන් රැක බලා ගත් බන්ටියාට
අබග්ගයක් වේ දෝයි යන සැකයෙනි.
‘‘අපි එලියට ගිහින්ම කථා කරමු ඇලන් අයියෙ‘‘ ඇල්බට් ඇහැ පිහ දමමින් වාට්ටුවෙන් ඉවත් වූයේ, ජේලර් බැල්මක් හෙලමින් එතැනට පැමිණි නර්ස් නෝනා කෙනෙකු දුටු හෙයිනි.
‘‘පහුගිය දවස් දෙක තුනේම දොස්තර මහත්තුරැ පරීක්ෂණ සෑහෙන්න කළා‘‘
‘‘ඉතින්...‘‘
‘‘ඒ මහත්තුරැ අද තමා හරියටම..කිව්වෙ ඇලන් අයියෙ..‘‘
‘‘මොකක්ද යකෝ කිව්වෙ කියාපියකො‘‘
‘‘කො..කොල්ලට ලියුකේමියාවලු‘‘
ඇලන්ට තමන්ගේ ඇහෙන් කදුලක් පැමිණි දිනක්
මතකයේ නැති තරම්ය. නොදියවෙන ගල් හිතක් ඇතැයි කියන තක්කඩි ඇලන්ගේ ඇහන් කදුලක්
පැන්නේය. හිතට දැනුනු මොකක්දෝ මදි කමක් නිසා ඇල්බට් දකින්නට කලියෙන් ඇහැ පිහදාගත්
හෙතෙම ඇල්බට්ගේ පිටට තට්ටුවක් දැම්මේ අපරිමිත ස්නේහයකිනි.
‘‘උඹ බයවෙන්න එපා ඇල්බො..අපි මොනව හරි කරන්න බලමු..ඕන දේකට මම ඉන්නව‘‘
--------------------------------------------------------------------------
බන්ටියා පසුගිය මාසයට දෙකට පරඩැල්ලක් සේ ඇදී
ගොස් ඇත. දැන් උගේ බැට් මෑන් සෙල්ලමද වෙනදා මෙන් ක්‍රියාශීලී නොවේ. ඉදහිට දිනෙක ‘‘සුපරැදු සාලුව‘‘ ද බැදගෙන පිල උඩ හිද ලොකූ කල්පනාවක යෙදෙන බන්ටියා ඇලන්
අල්බට්ගේ නිවස අසලින් යන එන විට වරින් වර දැක ඇත. විනෝදනී තේ කහට කෝප්පයක් රැගෙන
ඇලන් අසලින් සිට ගත්තාය.
‘‘කොල්ලගෙ නෙමෙයි, ඇලන් අයියෙ මේක අපේ පූරැවෙ කරැමයක්‘‘
‘‘දොස්තර මහත්තුරැ අර බෝන් මැරෝද මොකක්ද කියන ඔපරේෂන් එක ගැන මොකද! කිව්වෙ‘‘ ඇලන් කහට කෝප්පය තොල ගාමින් විමසීය.
‘‘ඉක්මනට කර ගන්න තරමට හොදයි කිව්වෙ...ලක්ෂ ගාණක් වියදම් වෙනවලු...ප්‍රයිවෙට්
කරනවනම්..ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් කරගන්න පෝලිමේ ඉන්න ඕනලු...ඒකත් විශ්වාස කරන්න
බැහැයි කියන්නෙ‘‘
ඇය ඉකි බිදින්නට පටන් ගත්තාය.
‘‘මගෙ කොල්ලව මේ අත් දෙකෙන් නම් පස් වලට යට කරන්න මම පණ පිටින් ඉන්නෙ නෑ ඇලන්
අයියෙ..අම්මාපල්ල...ගගක මූදක පැනල හරි පණ නහ ගන්නව‘‘
ඇලන්ගේ පපුවට යබොර තට්ටුවක් අතහැරියක් මෙන්
මහා බරක් දැනෙන්නට වූයේය. කිසිදා ඉතිරියක් ගැන නොසිතූ ඔහු ජිවිතයේ පළමුවරට කසිප්පු
රස්සාවෙන් කීයක් හෝ ඉතිරිකර නොතැබීම පිළිබ්ද පසුතැවිලි විය.
කිසිවක් නොකියා ඇලන් හුන් තැනෙන් නැගිට්ටේය.
‘‘අයිය..ඔය..යන්ඩද‘‘
‘‘නෑ බං..කෝ..කොල්ල“
‘‘ඇදේ ඉන්නෙ..තාම..උණ‘‘
ඇලන් ඇද ලගට යනවිට බන්ටියා මෙට්ටයේ කොණක්
කොනිති ගහමින් උඩබලාගත් වනම සිටියේය. කොලුවාගේ දෑසේ වෙනදා තිබූ ජීවය සිදී ගොස්
අජීවි හිස් බවක් පෙනේනට තිබිණි.
‘‘බන්ටි පුතේ‘‘ ඇලන් දොඩමලු වූයේය.
‘‘ඇලන් මාමේ..‘‘
‘‘කොහොමෙයි උඹට..කෝ උඹේ බැට්මෑන් සාලුව‘‘
‘‘අර ඇද විට්ටමේ තියෙන්නෙ...‘‘
‘‘කෝ..හිටපන් මං ගන්න‘‘
ඇලන් ඇද විටටමේ එල්ලා තිබූ කොලුවාගේ ‘‘බැට්මෑන් සාලුව‘‘ අතට ගත්තේය.
‘‘බලාපංකො...උඹ කාලෙකින් මේක ඇදල නැති පාටයි මකුළු දැලුත් බැදිල‘‘
‘‘අම්ම දැන් ඉස්සර වගේ සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ..මාමෙ මට සනීප නෑනෙ....ටික
දුරක් දුවද්දි ඔලුව කැරකෙනව වගේ දැනෙනව..ඒක හින්ද මම දැන් සෙල්ලමට යන්නෙ නෑ‘‘
ඇලන් දෑතින් පරණ සරම් කඩමාල්ල පොඩි කරගත්තේ
දෑසේ බර වෙන කදුලු කැට සගවා ගැනීමට හයියක් සොයමිනි.
‘‘හිටපන් මම උඹව හෙට සෙල්ලම් කරන්න එක්කගෙන යන්නම්...‘‘
‘‘පුතේ...‘‘
‘‘ඇයි...මාමෙ‘‘
‘‘උඹට මොනවද ඕනෙ...ඕනැ දෙයක් කියපන් මම උඹට ගෙනත් දෙන්නම්‘‘
‘‘මට මොකුත් ඕනෙ නෑ මාමෙ‘‘
‘‘උඹේ ඔය බැට්මෑන් නරක මිනිස්සු අල්ලනවා නේද‘‘
“ඔව්‘‘
‘‘ අල්ලල මොකද කරන්නෙ...‘‘
‘‘පොලීසියට භාර දෙනව‘‘
‘‘ඊට පස්සෙ...‘‘
‘‘මිනිස්සු අප්පුඩි ගහනව..බැට් මෑන්ට වීරය කියනව‘‘
බන්ටියාගේ දෙකොපුල් රතු පැහැ ගැන්වී දෑස
දැල්වෙන්නට වූයේ ඇලන් බැට්මැන් කථාව විමසූ බැවිනි.
‘‘උඹත් ආසද වීරයෙක් වෙන්න‘‘
‘‘වීරයෙක්....‘‘ බන්ටියා කොහෙන්දෝ ලැබුණු ජවයකින් ඇද මත සිට ගත්තේය.
‘‘ඔව් මගෙ පුතේ වීරයෙක් වෙන්න...නරක මිනිස්සු අල්ලන්න..අල්ලල පොලීසියට භාර
දෙන්න.‘‘
‘‘ආසයි..ඇලන් මාමෙ...ආසයි‘‘
‘‘එහෙනම් හෙට උඹේ බැට් මෑන් සාලුවත් දාගෙන ලෑස්ති වෙලා හිටපන් නරක මිනිස්සු
අල්ලන්න යන්න..අම්මට එහෙම කියන්න එපා...මේක උඹෙයි මගෙයි රහසක්..හොදේ‘‘
‘‘මගෙ හොද ඇලන් මාම‘‘ බන්ටියා දෝතින් ඇලන්ව බදා ගත්තේය. තමන්ට කිසිදිනක
නොදැනුනු අසීමිත දාරක ස්නේහය ඇග කිලිපොල යමින් දැනෙනයුර හෙතෙම අත් වින්දේය.
--------------------------------------------------------------------------
සියලු පෙර සූාදනම් කළ ඇලන්, උක්කුවාට
වෙනදාටත් කලියෙන් ගෝඩ හැලියට දර දමන්නැයි නියෝග කළේය. සගවා තිබූ සියලු කසිප්පු
බූලි ද මඩුවේ පිළිවෙලකට අඩුක් කළේය.
‘‘ඇලන් අයිය බඩු එලියට ගන්නෙ...ලොකු ඩීල් එකක් ලැබුණද‘‘ උක්කුවා විමසුවේ කුහුලෙනි.
‘‘කියපු වැඩේ කරපිය..වේ...ගෙ පුතා..මගෙ යකා අවුස්සන්නෙ නැතුව‘‘
ඇලන් සරම කැහැපට ගසාගෙන, ස්පිරිත්තු වීදුරැවක් එක හුස්මට බීවේය.
‘‘මම ඉක්මනට එතකං උඹ ඔහොමම හිටපං..බඩු ටිකත් එහෙමම තියපං උක්කුවො‘‘
‘‘මම කෑ ගැහුවට හිත නොරොක් කර ගන්න එපා බං...අද මට ටිකක් සනීප මදි වගේ‘‘
යි කියමින් ඇලන් උක්කුවාගේ පිටට තට්ටුවක්
දැම්මේ, බිමට යොමාගත් දෑසින් යුතුව සිටි උක්කුවා අස්වසාලන
අටියෙනි.
--------------------------------------------------------------------------
බන්ටියා පෙරොන්දු වූ පරිදිම ‘‘බැට්මෑන්‘‘ සාලුව පැලැද කඩුල්ල ලගට වී මග බලා හිදියි.
‘‘විනොා්දනියේ මම කොල්ලව කඩේට එක්කරගෙන ගිහින් එන්නම්‘‘
කඩුල්ල ලග හිදම ඔහු උලුවස්සට හේත්තු වී හිදින විනෝදනි අමතා පැවසීය.
‘‘අනේ පරෙස්සමෙන් ඇලන් අයියෙ..මේක ලෙඩානෙ..උඹ දන්නවනෙ‘
‘
‘‘උඹ බයවෙන්න එපා..මම උ!ව හන්දියට එක් කරන් යන්නෙ‘‘
බන්ටියා දුවවිත් ඇලන්ගේ අතෙහි එල්ලුණේ ‘‘ඇලන් මාමෙ නරක මිනිස්සු අල්ලන්න යනවද? ‘‘ යි
රහසින් මෙන් අසමිනි. කොල්ලාගේ ලෙඩ ගතිය සම්පූර්ණයෙන්ම පාහේ පහව තිබුණේය. කිසිත්
නොකියා දායාද ගන්නට අතේ එල්ලුණු රාහුලයන් මෙන් තමන් පසුපස එන බන්ටියාගේ ඉල්ලීම ඉටු
කරන්න ඇලන් එක හිතින් සූදානම්ව සිටියේය.
‘‘යමන්කො...මම පෙන්නන්නම්‘‘
--------------------------------------------------------------------------
ඇලන් බන්ටියා වත්තන් කරගෙන ඇල ඉවුර පැන, සිය
සුපුරැදු කසිප්පු තිප්පොලට මීටර් සියයක් දෙසියයක් ඈතින් වූ මානා පදුරකට මුවාවූ
ඇලන් කොලුවාව ඒ අසලට කැදෙව්වේය.
‘‘පුතේ උඹට මතකද අපි දැන් ආපු පාර‘‘
‘‘මතකයි මාමෙ....‘‘
‘‘උඹට අර ඈතින් පේනවද..මාමෙක් බැරල් එකකට ගින්දර දානව‘‘ උක්කුවා ගෝඩා බැරලය රත්කරන දෙසට අත දිගු කොට ඇලන් බන්ටියාගෙන් විමසුවේ රහස්
මෙහෙයුමක් යෙදෙන නිලධාරියෙකු මෙනි.
“ඔව් මාමෙ‘‘
‘‘ ඒ නරක මනුස්සයෙක්...‘‘
‘‘උඹ දැන් මම කියන විදිහට කරන්න ඕනෙ‘‘
‘‘හරි මාමෙ මම මොනවද කරන්න ඕනෙ...‘‘
‘‘තව පොඩ්ඩකින් පොලීසියෙ මාමල එයි...හන්දිය ලගට උඹ කියන්න ඕනෙ බැරල් වලට
ගින්දර දාන නරක මාමල ඉන්න තැන උඹ දන්නව කියල..ඊට පස්සෙ පොලීසියෙ මාමල මෙතනට එක්ක
එන්න ඕනෙ‘‘
බන්ටියාගේ දෑස් දිදුලමින්, විමතියෙන් මෙන් ඇලන් දෙස බලා සිටියේ, ඇලන් මාමා තම නරකයන් ඇල්ලීමේ සිහිනය සැබෑ
කරන්නට සූදානම් වන බව වැටහුණ නිසාවෙනි.
‘‘තේරැණාද!‘‘
‘‘තේරැණා මාමෙ‘‘
ඇලන් තමන්ගේ ජංගම දුරකථනය ගෙන වේවැල් ඇල්ල
පොලීසියෙ අංකය ඇතුලත් කළේය.
‘‘හෙලෝ මහත්තයො..වේවැල් ඇල්ල පොලිසිය නේද‘‘
‘‘ඔව්‘‘
‘‘මම පොඩි ටිප් එකක් දෙන්න කථා කළේ‘‘
--------------------------------------------------------------------------------
‘‘තුං මේ ගස් බල්ලන්ව හම ගහල හන්දියෙ හිටවන් තිබ්බෙ..මේ මහත්තුරැන්ට‘‘ හන්දියේ ගැහැණියක් ඇසනෙ නෑසෙන ගානින් දොස් පවරන අයුරැ ඇලන්ට ඇසේ. වම් කණ
හරහා එල්ල වූ බැටන් පොලු පහරින් කණ තුවාල වී ලේ ගලන බවක් ඔහුට දැනුනේය. ඔහු
අමාරැවෙන් මෙන් බෙල්ල හරවා උක්කුවා දෙස බැලීය. පා පහරින්, බැටන් පොලු හා රීප්ප පහරින් තුවාල වූ උක්කුවා කෙරෙහි ඇලන්ගේ සිතේ
අනුකම්පාවක් ඇති වූයේය. තමා අපාගත වුවද උක්කුවාත් තමා පසුපස එනබව දත් හෙතෙම තමන්
කළ දේ පිළිබද හෘද සාක්ෂිය හා වාද කරන්න වූයේය.
‘‘වේවැල් ඇල්ලෙ ඇලන් අයියා...අයිය නේමේ ප...ය නැගපිය බල්ල ජීප් එකට, අද බඩුත් එක්කම මාට්ටු‘‘
‘‘සර් අර පොඩි එකා තමා ස්පොට් එකට පාර පෙන්නුවෙ...මූට දැනගන්න තියන්න එපා...ඇලන්
කියන්නෙ යකා වගේ මිනිහ‘‘
කොස්තාපල් වරයෙක් එස්.අයි මහත්තයාට පවසනු
ඇලන්ට ඇසුනද, නෑසුනාක් මෙන් හිස පහත් කරගෙන ජීප් රථයට ගොඩවූයේය. දෑතේ
මාංචු කුට්ටමේ තද වැඩි කමටදෝ ඇලන්ගේ දෑත් වෙව්ලන්නට විය.
පොලිස් ජීප් රථය විනෝදනීගේ නිවස පසුකරමින්
තිබිණි. කඩුල්ල ගාව හිදින දෑත ඉනේ තබාගෙන ලෙලදෙන සාලුව පැලද ‘‘නරකයන් පැරදවූ“ වීරයා සිටිනු ඇලන් ඈත තියාම දුටුවෙන්, කොලුවාට මුහුණ
නොපෙනෙන පරිදි ඇලන් දෑතින් මුහුණ වසා ගත්තේය. පොලිස් ජීප් රථය කඩුල්ල පසුකරත්ම ‘‘ජෝකර් මම උඹව ඇල්ලුවායි‘‘ බන්ටියා සතුටින් කෑ ගසන අයුරැ ඇලන්ගේ තුවාල
වූ කණට යාන්තමට මෙන් ඇසුනේය.
එහෙනම් ඔන්න දෙකම කියෙව්ව.මම හිතුවේ තව කොටසක් ඇතියි කියල.මට පේන්නෙ ඉවරයි වගේ.නියම කතාව.මෙහෙම දෙයක් අන්තිමට වෙයි කියල හිතාගන්න බැරි උනා..නියමයි ජෙමා අයියෙ..
ReplyDeleteස්තුතියි U ම්ල්ලි අන්තර්ජාල ර්‍පශ්නෙ හින්ද රිප්ලයි දාන්න පරක්කු වුනා බං..
Deleteසුපිරි කතාව ජෙමෝ,තව ටිකක් දුර ඇදන් යන්න තිබ්බා නේද බං.මම නොහිතපු දෙයක් අන්තිමට සිද්ධවුණේ.
ReplyDeleteඇදන් යන්න වුවමනාව මටත් තිබ්බ හැලපෙ අයියෙ...ඒත් මේ දවස්වල අන්තර්ජාල ප්රශන්යක් නිසා..හදිස්සියෙම ඉවර කරන්න සිද්ධ වුනා..
Deleteකොලුවා දිහා බලාන ඉන්න බැරි කොමටද ඇලන් තමන් විසින්ම ඇතුලට ගියේ...මට අන්න එතැන පැහැදිලි නෑ...කථාව ගැන මගේ අවංක අදහස පළවෙනි කොටසෙදි කිව්වා...උඹ හොද රහට ලියනවා...දිගටම ලියාන පලයන්...
ReplyDeleteමට වුවමනාව තිබ්බෙ...පරස්පරයක් හදන්න..Paradox එකක්...කථාවෙ යටිපෙළේ තමයි විරයා නිර්මාණය වෙන්නෙ...අපි අවිඥානිකව ඇලන්ව වීරයෙක් කරනව..කොල්ලව නෙමෙයි..
Deleteඈ බං! ඇයි මෙච්චර ඉක්මනට වැඩේ ඉවර කොලේ! කොල්ලට තව ටිකක් වීර කම් කරන්න දෙන්න තිබ්බා!
ReplyDeleteමගෙ අන්තර්ජාල සම්බන්ධයෙ අවුලක් තියෙනව මේ දවස්වල...එක ලග එක දිගට පොස්ටු දාන්න අමාරැයි...රිප්ලයි දාන්න පරක්කු වුනෙත් ඒකයි..
Deleteනියම අවසානය, එක තමයි වෙන්න ඕන අන්තිමට හිතා ගන්න බැරිවෙන්න. ජයවේවා මචෝ.
ReplyDeleteඋඹ තරම් රහට ලියන්න නැතුව ඇති...මගෙ බොහොම පොඩි උත්සාහයක් විතරයි..
Deleteසඳරුගෙ කවුරු හරිද...? ඒක වැරදියට ගන්න ඕන නෑ. එහෙම උන් තමයි වැඩි පුර ඉන්නේ..
ReplyDeleteපට්ටයි රහයි.. උපරිමයි.. භාෂාව ගැන බයවෙන්න එපා.. හැබයි කොමෙන්ට් වලට රිප්ලයි කරපන්.. නැත්නම් අනාගතයක් නෑ..
උඹ් පාරෙනුත් කට්ටයක් ඇවිල්ල හිටිය බොහොම ස්තුතයි..ඒකට...රිප්ලයි දාන්න කල්ගියෙ මගෙ අන්තර්ජාල සම්බන්ධතාවෙ ර්ප්රශ්නයක් නිසා...මම උත්සාහ කරපු තැනට කථාව ගේන්න කල් මදිවුනා..ඒකයි හදිස්සියෙම ඉවර කලේ...
Deleteකියවලා ඉවර උනාම හිතේ පොඩි දුකක් ඉතුරු උන කතාවක් . සරල, සුන්දර භාෂා විලාශය නිසා තව ලිව්වත් අපහසුවක් නැතිව බලන්න තිබුනා .
ReplyDeleteමගේ පොඩි උත්සාහයක්....පස්සෙ කියවද්දි...ෆයින් ටියුනින් වල තැන් බොහොමයක් හම්බුනා..කොහොමත් ලොකුවට නොහිතපු නිසා සරලව ලියවුනා..
Deleteනියම කතාව ජෙමො.ඇලන් උට කරන්න පුලුවන් දෙ කල කොල්ලගෙ සතුටට.එකෙන් උට වෙන හානිය සතපහකට බලන්නෙ නැතුව.නියමයි
ReplyDeleteස්තුතියි...කාලෙකින් ලිව්වෙ..තවමත් ටිකක් රළු තැන් තියෙනව...පස්සෙ දැක්කෙ..ඊලග එක හොදට ලියන් හිතාගෙන ඉන්නව
Deleteනියමයි කතාව....මටනම් භාෂාවේ ප්‍රශ්නයක් පේන්නෙ නෑ.ගලාගෙන යන මරු විදියට ලියලා තියනවා.ඊළග කෑල්ල තවත් රසවත් වගේ කතාවේ කුතුහලෙත් ගානට තියාගෙනයි ලියලා තියෙන්නෙ
ReplyDeleteසරලව ලියන්න..උත්සාහයක් ගත්තෙ...මම හිතන්නෙ මම සෑහෙන්න දුරට සාර්ථකයි..ස්ත=තියි මේ පැත්තෙ ආවට
Deleteනියමයි.
ReplyDeleteමම හිතන්නෙ ඔය වගේ කෙටිය ට පණිවිඩේ දුන්නම කාටත් කියවන්න පහසුයි කියල හිතෙනවා.
අපේ බොක්ක තමයි පාර පෙන්නුවේ.
දිගටම ලියපන්.
අපි උඹව තනි කරන්නෙ නැහැ දිගටම ඉන්නවා බොලා එක්ක.
ආවට ස්තුතයි...මම උඹේ බ්ලොගටත් ඔලුව දාගෙන ඉන්නෙ..
Deleteසුපිරිම කතාවක් :)
ReplyDeleteසෑම කලුවලාවකම රිදී රේඛාවක් සැඟවී ඇත
උඹ කිව්ව විදිහටම තමා මම මුලින්ම ලියන්න සූදානම් වුනෙ...තනි කළුපාට තවරපු..එක සුදු පාට ඉරක් ඇන්ද වගේ..කලු චරිතයක් නිර්මාණය කරල..සුදුවට පෙන්නුවාම ඒක හයිලයිට වෙනව...වැඩියි
Deleteඅලුත් බ්ලොග් එකට ජය ..! නිතර ලියන්න... අපිත් හැකි විටක ඇවිත් යන්නම්...පාර කිව්වෙ මාතලන්..
ReplyDeleteමාතලන්ගෙ සගයෝ සෑහෙන්න ඇවිත් තිබුණ...සපතේරැ මහත්තයටත් ආවට ස්තුතියි..
Deleteපසුගිය දිනවල පැවති අන්තර්ජාල ගැටළුවක් සහ පරිගණකයේ දෝෂයක් නිසා...කමෙන්ටුවලට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වීම පිළිබද කණගාටුව ප්‍රකාශ කර සිටිමි..නිතර යන එන අය අලුතින් පැමිණි අය සියල්ලන්ම ජෙමාගේ අඩඩවිය වෙත සාදරයෙන් පිළිගනිමි.
ReplyDeleteජෙමා නියම කතාවක් නේ නොහිතන ඉසව්වකට අවසන පාඨකයා ඇදන් ගියා ඔබ.
ReplyDeleteලොකු සාහිත්‍ය දැනුමක් නැතිව, පුළුවන් විදිහට තමා ලිව්වෙ...බොහොම ස්තුතයි ඇවිදින් ගියාට
ReplyDeleteනියම ස්ටෝරියක්නේ.. රහට ලියලා තියනවා මචෝ..
ReplyDeleteමං අද මේ පැත්තේ ආවේ ජෙමා.. සිරාගේ කාමරෙන්.. දිගටම එන්නම් ඉස්සරහට.. උබත් BC කොල්ලෙක්නේ එල ඈ සතුටුයි..
වෙලා තිබ්බොත් මේ පැත්තෙත් වරෙන්
https://mathakamawatha.blogspot.com