සූස්තියක්
පත්තු කරගෙන
හැන්දෑවෙ
ඇවිදින්
ලැයිම පැත්තට
උඹ එක්ක කදේ
දාගෙන
උන්නු බිත්ති
කොන්ද
අද්දර තිබුණ
ගණපතිව අමතකව
බාගෙට ඇරැණු
ලෑලි දොර
මුල්ලක
අගුරැ
කෑල්ලකින් ඇදපු
බලි කුරැටු
චිත්තර
සින්න කුට්ටි
සරෝජා කැත
කරපු බිත්තිය
අම්ම, අප්ප,
අන්න ලොකු අකුරැ
විස්තර
උඹලගෙ
‘‘තලෙයිවා“
නැති වෙච්චි
දවසෙදි
කිරිබතක්
හදාගෙන
පෙරටු කොට
ජයකොඩි
සිංහයෝ ගර්ජනා
හන්දියේ මල්
වෙඩි
දොර පොල්ල තදකර
ලංකරගෙන පැටව්
ටික
මතක් වෙනවා උඹ
වෙව්ල වෙව්ලා
හිටි හැටි
තුන්නුර්
ගාගෙන හැමදාම
නලලේ
දුක් පොදි
කරතියන් කෝවිල
වන්දනා කෙරැවේ
කුණූ ටැට්ටරේ
උඹ ‘‘සිංහල“
කුණුත් ඇද්දෙ
අර යන්නෙ
කොටියා
සිංහයො
කෑගැහුව ඒත්
මහ සෙනග
මැද්දේ
‘‘එල්ලාම
පෝච්ච අන්නා‘‘
සිරි අයිය අපි
හෙට
යාල්පානම්
යනවා
උඹ ඇවිත්
කියනකොට
හිත
පහුරැගාගෙන
ඇහෙන් කදුලක්
පැන්නා
සිංහල හින්දු අවුරැද්දට
කෝචියේම
එන්නම්
ආටි වැදිල
නැත්නම්
උඹ එක්ක නල්ලූර්
කෝවිල් යන්නම්
ආඩි ලි් ගාව
හිද
පුරැදු විදියට
සූස්තිය
ඔතන්නම්
‘සකුර‘ බීඩිය අදින්නම්
කාලෙකින් සේකර ඇවිත් උඹේ කවි ඌරුව නම් කියල වැඩක් නෑ .... මේ පොස්ට් එකට බ්ලොග් රෝලෙන් කෙලින්ම එන්න බෑ මොකක් හරි අවුලක් තියෙනවා පොඩ්ඩක් බලපන්
ReplyDeleteඉවාන් මල්ල කියපු එක බලහං මචං,
Deleteසමහරු රෝලෙන් ඇවිල්ල නැති වුනාම අපි වගේ "ටිකිරි" මොලේ පාවිච්චි නොකරයි....හෙක්..හේ...නැද්ද ඉවාන් මල්ල......?
මගෙ පහුගිය පොස්ටුවටත් මේ ලෙඩේ තිබ්බ..බලන්න ඕනෙ පොඩ්ඩක් චෙක් කරල..උඹලටත් සුභ අලුත් අවුරැද්දක්..
Deleteඅනිවා කෙන්ජයියේ..."ටිකිරි මොලේ " හැක හැක හැක
Deleteඅඩේ මොකක්ද බන් මේකට කියන්න ඕනේ? ඇඩෙනවා යකෝ. සුස්තියක් ගහලා නෑ. හැබයි ගැහුවොත් මේ වගේ ඇති සිරාවටම
ReplyDeleteගහලම බලපන්...දැන් ඇමෙරිකාවේ, ඕස්ටේලියාවෙ පැත්තෙත් ලීගලයිස් කරලලු, ලංකාවෙත කොරයි ලගදිම..
Deleteඑළ ජෙමා එළ.
ReplyDeleteසින්ඩියෙන් කෙලින්ම එන්න බෑ ජෙමා පොඩ්ඩක් බලහන්. ප්‍රියා අදයි මේ පැත්තෙ ආවෙ දැන් ඉතින් බොට බේරෙන්න හම්බවෙන්නෑ.
ලෙඩේ ගැන හොයනව..මලය..මගෙ පහුගිය පොස්ටුවටත් ඔය සන්තෑසියම වුනා..චෙක් කොරල බලමින් ඉන්නෙ...වරෙන් දිගටම..ජෙමා සාදරයෙන් පිළිගන්නවගග
Deleteඔව් මාත් ආවේ නොටිෆිකේෂන් එක හරහා .. හරිම ගති ඈ වචන සෙට් එක ,, අදමයි ආවේ ජෙමා ,, සුබ නත්තලක් ඔයාට
ReplyDeleteඅපූර්යි වගාටත් සුභම සුභ නත්තලක්..
Deleteජෙමා මාරයි ජෙමා.සුපිරි.කවි වැඩිය මට සෙට් නැ.එත් උබෙ සෙට් එක බොක්කටම වැදුන මචො
ReplyDeleteකවි සෙට් වෙන්නැති එකෙකුට සෙට් වෙන්න ලියන්න පුළුවන් වෙච්ච එක සන්තෝෂයි..
Deleteනියමයි ජෙමෝ,මට අතීතෙ මතක් වෙනව බං උඹගෙ කවි කියවනකොට.
ReplyDeleteඅත්දැකීමක් නොවුනත්...හැම දෙමළෙක්ම කොටියෙක් වගේ බලපු අපේ බහුතරයකට අමතක වෙච්ච සමහර කාරණා මතක් කරන්න හිතාන තමයි මේක ලිව්වෙ හැලපෙ අයියෙ
Deleteපෝන් නම්බර් එක ලබාදෙන්න
Deleteජෙමෝ......උඹේ මේ කවි සිතුවීලි, ඇස් දෙකට දැක්ක කාලකන්නි 83 මතක් කරනවා. අපි කොහොම ආදරෙන් හිටපු මිනිස්සුද.....දිනෙන් දින අපිව ඈත් කරනවා...මහා සාංකාවක් දැණෙනවා බං.
ReplyDeleteමේ දාලා තියෙන ෆොටෝ එක ලොකු කතාවක් හිතේ තියාගෙන ඉන්න මිනිහෙක්ගේ හැඟීම් අපූරුවට කියාපානවා.
Deleteමම බොහොම කෑදරකමකින් අරෑගෙ අඩවිය කියවන්නෙ..උමත් ඇවිල් කොමෙන්ට් කොරල තියෙනව දැක්කාම..ඇත්තටම සන්තෝසයක් දැනුන..මට 83 යාන්තමට මතකයි එතකොට මම පැටිය..අපේ අම්ම දොර අස්සෙන් අයිඩෙන්ටි එකතු කරපු කට්ටියට අයිඩෙන්ටිය දීපු හැටි...ඉස්ටේසම ගාව කොල්ලො දෙන්නෙක් පිච්චුණු හැටි තාම හිතේ හොල්මන් කරනව..
Deleteජෙමා ලොක්ක ඔයත් ඉදල ඉදල අපිව පිස්සු වට්ටනවා..නියමයි හැලප කඩේ කිව්වා වගේ අතීතය මතක් වෙනව..ලබන අවුරුද්දෙදි සෙට් වෙනකම් ජය වේවා..
ReplyDeleteසෙට් වෙමු..සෙට් වෙමු...අනිවා එන් මල්ලිව හම්බුනොත් මතක් කලා කියපන්..
Deleteඋඹට කොහෙන්ද බං මේ වචන....නිර්මාණයේ අගය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ බොට කොහොමත් හොද නිර්මාණ ශක්තියක් තියෙන බව ඔනෙ එකෙක්ට පේනවා...
ReplyDeleteනොලිය ඉන්න බැරි කමට ලිව්ව මිසක සිරෝ මේ ටිකේ...අන්තර්ජාලය හා පරිගණකතට ගැටළු ගොඩයි...අවුරැදු දහයකට පහළොවකට පස්සෙ ලියන්න ගත්තෙ..ඉස්කෝලෙ කාලෙන් පස්සෙ අවුරැදු පහ හයක් යනකම් කිසිම දෙයක් ලිව්වෙ නෑ...හදිස්සියෙම හිතිල ලියන්න ගත්තෙ..බොග පටන් ගත්ත දවසෙ ඉදල වෙනස් මිනිහෙක් විදිහට හිතන්න ගත්ත..
Deleteජෙමා අයියේ හිතට වැදෙන අදහස් ටිකක් බං
ReplyDeleteබොහෝම ස්තුතයි මලය..
Deleteනිර්මාණය ඉතා විශිෂ්ටයි ජෙමා.
ReplyDeleteකෙන්ජියගෙ ලිව්ලලකුත් ලියන්න මම වෙලාවක ට්‍රයි කරනව...ලිව්ව දවසක බලාපන්කො
Deleteවදෙන්න්න ගහනවා කියන්නේ මේ වගේ ඒවාට බං මචං! තව ගහපන්! ගල් වෙච්චි අපිට රිදෙන්නම!
ReplyDeleteඅහම්බෙන් නෙත ගැටී විත් එක හුස්මට කියවාගෙන පස්සට ගියෙමි. අපූරුයි . දිගටම එමි.ජය.
ReplyDelete