Monday, October 30, 2017

සෆ්රාස් උඹට....

උඹට හතලිහයි,
ෆාතිමාට තිහ පැන්න විතරයි
දරුවෝම දුසිමයි
අපේ ගෑනිටනම් නුරුස්සයි
පරිප්පු වඬේ බේසමයි
සරුවාල මොකක්දෝ කලිසමයි
තම්බින්ගෙ තොප්පියයි
‘සිංහල‘ වාත තෙල් කුප්පියයි
අරන් විස්සකට පහක් වික්කයි

ඉඳහිට පොඩි උන්ට
ගනිමි වඩයක් හිතුනාම
සොච්චමට රජයට කඹුරාන
ඉන්න, මට මොකද
වඳ බේත් තිබුනාම

හෙල බොදු බජාර් එකේ බොක්කයි
වලියකදි තිහාරියම බස්සයි
නැති තැනදි ‘තම්බියා දැක්කයි’

උපාවාස අවසන
ලොකු සවානා
පිගානක් ෆාතිමා අරගෙන
අවුරුද්දේම ඔරවන
දසන් දක්වයි අපේ ගෑනිත්
සරුවාංගේම වන වන

පිගානේ
එහා පැත්තේ
හිඳියි අපේ උන්දෑ
යන්තමට දැක්කේ
සෆරාස්ලගෙ අක්කේ
කියා වෙස්ටන් ක‍්‍රමයටයි
බදා ගත්තේ

එන අවුරුද්දේ නෑගම්
යමු අනේ මේව හොඳ පාඩම්
කුකුල් කකුලෙන් වාඩම්
ගනියි සංහිදියාවෙන්
පවසමින් නරි වාදම්

-ජෙමා

3 comments:

  1. කමෙන්ට් නැති උනා කියලා උඹ අධෛර්යමත් වෙන්න එපා. කාලෙකින් ආව නිසයි මිනිස්සු උඹ මෙතන කියලා නොදන්නෙ...කමෙන්ට් උඹට දහිරියක් වෙන බව ඇත්ත. එහෙම කියලා ඒ දිහාම බලාන ඉන්න එපා. උඹ රහට ලියද්දි මෙතනට එකා දෙන්න බැගින් කස්ටිය සෙට් වෙයි. මට නම් මේ පද ටික හොද රහයි. බොහොම අපූරු යථාර්තයක් ගැන ඔබ සඳහන් කොට ඇති ආකාරය කදිමයි.

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
  3. This is a very creative and interesting piece of writing.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...