Sunday, October 20, 2013

ජෙමාව ලඟින් ඇසුරු කරන අය දන්නා කාරණයක් තමාජෙමා පිච්චර් පිස්සෙක්’ බව. අහුවෙන  ඕනෑම චිත්තර පටියක් බලන්න පුරුදු වෙලා හිටපු ජෙමාට මෑතක පටන් කාලය කළමණාකරණය කරන්න සිද්ධ වුනා. ඒ හින්දම හොඳයි කියල හිතෙන ෆිල්ම් එකක් ලැබුණොත් ඇරෙන්න දැන් චිත්තර පටි බැලිල්ල පොඞ්ඩකට නවත්තලයි තියෙන්නෙ. නමුත් ජෙමා දහ පාරක් විතර බලපු බොහොම අපූරු ෆිල්ම් එකක් ගැන කොහේ හෝ තැනෙක ජෙමාට දැනෙන හැටි ලියල තියන්න වුවමනාවක් කාලෙක ඉදන් තිබුනා. කවුරු හරි ඇහුවොත් මූට මඤ්ඤංද ෆිල්ම් එකක් දහ පාරක් බලන්න කියලදෙන්න තියෙන උත්තරේ තමයි. මම චිත්තර පටි කලාව ගැන හොයද්දි මුණගැසුනු එක්තරා ගුරුවරයෙක් Lord of the rings ෆිල්ම් සෙට් එක තිස් වතාවක් විතර නරඹල තිබුණ. ඒ ඔහුට එහි තාක්‍ෂණික කාරණා ගැන අවබෝධයක් ගන්න. ඒක නිසා ඇයි උඹ දහ පාරක් බැලූවෙ කියල අහන්න කලින්එක පාරක් බලල ඉඳපල්ලා යයි මෙය කියවන සිනමා රසිකයන්ගෙන් ඉල්ලන්න කැමතියි.
ජෙමා කථා කරන ෆිල්ම් එක තමයි ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්‍ෂණය කරපු Schindler's List (ෂ්ලින්ඩර්ගේ ලැයිස්තුව* කියන විශිෂ්ඨ නිර්මාණය. මෙය විශිෂ්ඨ වෙන්නෙ එය ස්පිල්බර්ග් හදපු නිසාවත් එයට වැය කරපු නිෂ්පාදන පිරිවැයවත්ස්පිල්බර්ග් විසින් කරපු බොහෝ නිර්මාණවල වගේ තිබෙන දෘශ්‍ය ප‍්‍රයෝග නිසාවත් නෙමෙයි. ෆිල්ම් එකේ අන්තර්ගතය හා එය පේ‍්‍රක්‍ෂකයා වෙත ඉදිරිපත් කර ඇති  අපූර්ව ක‍්‍රමවේදය නිසා පමණයි.
Schindler's List කළු සුදු වර්ගයේ චිත‍්‍රපටියක්මේක හැදෙන්නෙ 1993 වර්ෂයේචිත‍්‍රපටියට පසුබිම් වෙන්නෙ දෙවෙනි ලෝක යුධ සමයේ පෝලන්ත යුදෙව්වන් පිරිසක් සහ ජර්මානු ව්‍යාපාරිකයෙක් වන ඔස්කා ශ්ලින්ඞ්ලර් නම් (Oskar Schindler) වටා ගෙතුණු කථා පුවතක්. 1939 දී පෝලන්තය ආක‍්‍රමණය කරන ජර්මානුවන් පෝලන්ත යුදෙව්වන්ව ක‍්‍රකෝව් යුදෙව් ජනවාසය (Krakow Ghetto) වෙත පිටත් කර හරිනව. මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න හිතාගෙන තමයි ෆිල්ම් එකේ කථානායකයා වන ඔස්කා ශ්ලින්ඞ්ලර් මෙම යුදෙව් ජනාවාසය වෙත පැමිණෙන්නෙ. ඔහුගේ බලාපොරොත්තු තමයි ලාභ ශ‍්‍රමය උපයෝගී කරගෙන යුද සන්නාහ සාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම. ෂ්ලින්ඩල්ර්ට මෙවැනි කර්මාන්ත ශාලාවක් නඩත්තුව හෝ එයට අවශ්‍ය ශ‍්‍රමිකයන් හෝ ප‍්‍රාග්ධනය සොයාගැනීම පිළිබඳ කිසිම අවබෝධයක් ඇත්තේ නැහැ. එහෙත් ඔහුට තිබෙන ඉහළ පන්තියේ එස්.එස්. නිලධාරීන්ගේ දැන හැඳුනුම්කම මත ඔහු කර්මාන්ත ශාලාව ඇරඹීමට සූදානම් වෙනවා. ඔහුට මෙහිදී උදව්වට එන්නෙ ක‍්‍රකෝව් ජූරි කවුන්සිලයේ නිලධාරියෙක් වන ඉට්සාක් ස්ටර්න් නම් තවත් යුදෙව්වෙක්. ඔහුට යුදෙව් ව්‍යාපාරිකයන් මෙන්ම යුදෙව් කළුකඩකරුවන් සමගද විවිධ සම්බන්ධතා තිබෙනව. ඒ නිසාවෙන්ම ශ්ලිනඞ්ලර්ට පුළුවන් වෙනව යුදෙව් ව්‍යාපාරිකයන්ව කැමති කරවාගන්න තමන්ගෙ කර්මානතශාලාව ආරම්භ කරන්න ප‍්‍රාග්ධනය යොදවන්න. ඔවුන්ට තම නිෂ්පාදනයෙන් කොටසක් ලැබෙන ආකාරයට වාචික ගිවිසුමකට එළැඹෙන ෂ්ලින්ඞ්ලර් ශ‍්‍රමිකයන් සෙවීමේ වගකීම ස්ටර්න්ට පවරනවා. චිත‍්‍රපටය ආරම්භයේදී අපේ ඇස යන්නෙ ශ්ලින්ඞ්ලර්ට වඩා ස්ටර්න් දිහාවට. ස්ටර්න් තමන්ට පැවරුණු ශ‍්‍රමිකයින් සෙවීමේ වගකීම අකුරටම ඉෂ්ට කරනව. ඔහු ශ්ලින්ඞ්ලර්ට පැහැදිලි කරනවකතෝලික පෝලන්ත ජාතිකයන්ට වඩායුදෙව් පෝලන්ත ජාතිකයන්ට වැයවන වියදම අඩුබවඑසේම කිසිම වේතනයක් ගෙවීමකින් තොරව ඔවුන්ව සේවයට යොදවා ගත හැකි බව. මෙහිදී ස්ටර්න්ගෙ යටි අදහස වෙන්නෙ යුදෙව් ජනාවාස වලට ගාල්කොට හෝ මරාදමන යුදෙව්වන් හැකි පමණ ඉන් බේරා ගැනීමයි. මෙහිදී ස්ටර්න් ව්‍යාජ ලියකියවිලි යොදා ගෙන හැකි පමණ කර්මාන්ත ශාලාවේ සේවයට යොදවනව. මෙහිදී අත්‍යාවශ්‍ය කාරණය වන්නේ ඔවුන් යුද්ධයට ‘‘අත්‍යාවශ්‍ය’’ බව සහතික කරන ලියවිල්ලක් ලබා ගැනීමයි. වරෙක ඉතිහාසය උගන්වන ගුරුවරයෙක්ලේඛකයෙක් ආදී යුදෙව්වන් බොහෝ දෙනෙක්ම පාහේ දක්‍ෂ ලෝහ පිරිමදිිනන් ලෙස සැලකෙන ව්‍යාජ ලිපි ලේඛන මගින් කර්මාන්ත ශාලාවට එක්වෙනව. මේ අතර එක් අතක් අහිමි ලොවෙන්මස්ටයින් නම් මහල්ලෙක් පවා කර්මාන්ත ශාලාවට එක් කරගන්නෙ ශ්ලින්ඞ්ලර්ගේ දැනීමකින් තොරව.
චිත‍්‍රපටයේ බොහොම දැනෙන තැනක් තමයියුදෙව් ජනාවාසයට ගාල් කරන යුදෙව්වන්ගෙ ගමන් මළු එකතු කරන දර්ශනයදර්ශනය ආරම්භයේ දුම්රිය පොලකින් යුදෙව්වන් ලැයිස්තුගත කොට දුම්රියට නංවනවපසුබිමෙන් ඇහෙන්නෙ ‘‘ඔබත් සමඟ ඔබගේ ගමන් මළු ගෙන එන්න එපාඒවා පසුව ඔබ වෙත ලැබෙයි. ගමන් මල්ලේ ඔබගේ නම පැහැදිලිව සඳහන් කරන්න’’ යැයි නිවේදනය කරන නාසි භටයකුගේ කටහඩක්. පසුව මෙම දර්ශනය ෙඡ්දනය වෙන්නෙ ගමන් මළු සියල්ලෙන් වටිනා කියන දෑ වෙන් කරන ස්ථානයකටඑහි රන් කරුවන්දියමන්ති වෙන් කරන්නන් වැනි බොහෝ පිරිසක් ගමන් මළු වලින් වටිනා කියන දෑ වෙන් කරනව. මෙහි එක් පසෙක යුදෙව්වන් සතුව තිබූ සිය සමීපතයන්ගේ ඡුායාරූප වෙනමම ගොඩ ගසා තිබෙනවමෙය සංකේතාත්මකව කිපයා පාන්නේ යුදෙව්වන්ගෙ දෛවයමෙම දර්ශනය අවසානයෙ කිසිවෙක් රන් ඈඳුණු මිනිස් දත් පැසක් රන් වෙන් කරන්නෙක් ඉදිරියේ විවෘත කරනව ඔහු මේ දෙස ඉතා සංවේදීව බලා සිටින ආකාරය ඉදිරිපත් කර ඇති අයුරු පැසසිය යුතුයි.
චිත‍්‍රපටයේ දෙවන භාගයඑහෙම නැත්නම් කථාවේ හැරවුම (Twist) ආරම්භ වන්නේ එස්.එස්. ලූතිනන් ආමොන් ගොඑත්ගේ ආගමනය සමඟ. ඔහු පැමිණෙන්නෙ ගොඩනැගෙන දේශපාලන සිරකරුවන් සඳහා වන බන්ධනාගාරයක කටයුතු නිරීක්‍ෂනයට. ගොඑත් යනු චිත‍්‍රපටයේ නාසි නියෝජනයයි. ඔහු ක‍්‍රකෝව් වෙත පැමිණි සැනින් බන්ධනාගාරය ගොඩනගනා යුදෙව් ඉන්ජිනේරුවරිය වෙඩි තබා මරා දමනවකිසිම හේතුවක් නොමැතිවඇය යුදෙව්වෙකු වීම පමණක් නිසාවම.
පසුව 1943 මාර්තු මාසයේ දිනෙක ක‍්‍රකොව් යුදෙව් ජනාවාසය එස්.එස් නිලධාරීන් එහිදී සහයෝගය නොදෙනවයසට ගියරෝගී වුණු ගැහැණු පිරිමි සියළු දෙනා මරා දමනව. ස්පිල්බර්ග් මෙහිදී සිය ප‍්‍රතිභාව පෙන්වන්නෙ අනූවදශකය වනවිටත් බොහෝ විට සිනමාකරණයේදී යොදා නොගත් හෑන්ඞ්හෙල්ඞ් කැමරා භාවිතයෙන්කැමරාකරුගේ උරෙහි ?ඳවූ කැමරාව යුදෙව් සමූලඝාතනයේ තැන තැනටවිවිධ සිද්ධීන්වලට ගෙනගොස් එය පේ‍්‍රක්‍ෂකයාට බොහොම අපූරුවට ලං කරන්න ඔහු සමත් වෙනව. පසුකාලයේදී ස්පිල්බර්ග් විසින්ම නිර්මාණය කල Saving Private Ryan චිත‍්‍රපටයේ වෙරළේ අවි ගැටුමක් රූගත කිරීම සඳහාත්මේ ආකාරයටම හෑන්ඞ් හෙල්ඞ් කැමරා භාවිතා කර ඇති අයුරු පේ‍්‍රක්‍ෂක බොහෝ දෙනා දන්නා කරුණක්.
ෂ්ලිනඞ්ලර්ගේ ලැයිස්තුව චිත‍්‍රපටයේ අතිශය ජනපි‍්‍රයත්වයට සහ කථාබහට ලක්වූ ‘‘රතු ලෝගුව හැඳි දැරිය’’ හමුවන්නේ මෙම සමූලඝාතනය අතරතුරදීය. අසෙකු පිට නැගුනු ෂ්ලින්ඞ්ලර් ක‍්‍රාකොව් ජනාවාසය හිස් කරන ආකාරය උස් තැනක හිඳ බලා සිටිනව. ඒ අතර කළු සුදු චිත‍්‍රපටයේ එකම වර්ණ ගැන්වූ චරිතය වන රතු ලෝගුවක හැදි දැරියක් මේ ඝාතකයන් හා ඝාතනයන් මැදින් නිරුපද්‍රිතව ගමන් කරන ආකාරය ඔහු මහත් වුවමනාවෙන් බලා සිටිනව. මෙම රතු ලෝගුව හැදි දැරිය චිත‍්‍රපටයට එක් කිරීම පිටුපස සැඟවුණු කාරණා බොහෝමයක් තිබෙනව. ස්පිල්බර්ග් චිත‍්‍රපටය රූ ගත කරන අවදියේ නොදැන සිටියත්රතු ලෝගුවක් හැදි රෝමා ලිගෝකා නම් දැරියක් සත්‍ය ක‍්‍රකෝව් ජනාවාසයේ සිටි බවත් ඇයමෙම ඝාතනයන්ගෙන් බේරී පසුව සිය අත්දැකීම් අලලා රතු ලෝගුව හැදි දැරිය නමින් කෘතියක් රචනා කළ බවත් කියැවෙනව. එසේම ස්පිල්බර්ග් සඳහන් කරන්නෙ මෙම දැරිය හඳුන්වාදීම පිළිබඳව වෙනම අදහසක්.
‘‘ඇමෙරිකාව,රුසියාව සහ එංගලන්තය යන සියළු රටවල් මෙම සමූළ ඝාතනයන් සිදුවන ආකාරය හොඳින් දැන සිටියා. එහෙත් අප කිසිවක් කළේ නැහැ. අපි අපේ කිසිම හමුදාවක් යෙදෙව්වෙ නැහැ මේ මරණය සඳහා වන ගමන නවත්වන්න අවශ්‍ය අවස්ථාවෙදි. එය විශාල රතු රුධිර පැල්ලමක්. අපි හැමෝම දැක්ක රතු පැහැය නමුත් කිසිවෙකු කිසිවෙක් කළේ නැහැ ඒ පිළිබඳව. ඒ නිසාම තමයි රතු පැහැය ගෙනෙන්න වුවමනා වුනේ මට’’

මෙහි එන ඇඟ කිලිපොලා යන සිදුවීමක් වෙන්නෙ උදෑසන අවදිවන ගොඑත් තම මන්දිරයේ සඳළුතලයේ සිට මිනිස් දඩයමේ යෙදෙන දර්ශනය. ස්පනයිපර් තුවක්කුවක් අතට ගන්නා ගොඑත් කිසියම් කටයුත්තක යෙදී වෙහෙස නිවන සෑම යුදෙව්වකුටම වෙඩි තබනව. මෙම දර්ශනය ඉදිරිපත් කොට ඇති ආකාරයට විටෙක සිතෙන්නෙ මෙය ඔහුට සුපුරුදු කි‍්‍රයාවක් බව.
ෂ්ලින්ඞ්ලර් මේ සිදුවීමෙන් පසුව ගොඑත්ව එකඟ කරගන්නව තමන්ගේ කර්මාන්තශාලා සේවකයින් සඳහා වන උප කඳවුරක් තනාගන්න. මේ සඳහා ගොඑත් සහ එස්.එස්. නිලධාරීන්ට සුපුරුදු පරිදි අල්ලස් දීමක් සිදුකෙරෙනව. මෙහිදී ෂ්ලින්ඞ්ලර් උත්සාහ කරනවකර්මාන්තශාලාව බාධාවකින් තොරව පවත්වාගෙන යන අතරතුරම යුදෙව්වන් හැකි පමණ ආරක්‍ෂා කරන්නට. ලෙවටෝර් නම් අසව් සාදන්නාකුකුළු සොරකමේදී ඥානාන්විතව කි‍්‍රයා කරන දරුවාපර්ල්මෑන් යුවල ඉන්් කිහිප දෙනෙක්.
මේ අතර ගොඑත් හා ෂ්ලින්ඞ්ලර් සඳළුතලයේ සිට සිදු කරනු ලබන චිත‍්‍රපටයේ වැදගත්ම ලෙස සැලකිය හැකි සංවාදය සිදුවෙනවා. මෙහිදී ෂ්ලින්ඩල්ර් ගොඑත්ට පවසන්නේ ‘‘බලය යනු මරාදැමීම නොවඅප සතුව මරා දැමීමට සුදුසු සියළු යුක්ති සහගත කාරණා තිබියදීමත් මරා නොදැමීමයි’’ යන්නයි. ගොඑත් මේ පිළිබඳ තවදුරටත් ප‍්‍රශ්න කරනව. එවිට ෂ්ලින්ඞ්ලර් පැහැදිලි කරන්නේ ‘‘සියළු අධිරාජ්‍යයන් සතුව පැවතුණේ එවැන්නක්. කිසියම් මිනිසෙක් යමක් සොරකම් කොට අධිරාජ්‍යයයා හමුවට ගෙන එනව. එවිට ඒ මිනිසා බිම වැතිර සමාව අයදිනව. එවිට අධිරාජ්‍යයා ඔහුට සමාව දෙනව. මේ කිසිම වැදගම්මකට නැති මිනිහව ඔහු නිදහස් කරනව. එයයි බලය..ආමොන්..එය තමයි බලය’’ මේ සංවාදය ගොඑත්ට කෙතරම් බලපානවා යැයිද කිවහොත් පසුදා උදෑසන සිට ගොඑත් වෙනස්ම මිනිසෙකු බවට පත්වෙනව. ඔහු තමන්ගෙ සෑදලය නොසැලිකිල්ලෙන් බිම දැමූ කොළුවාටවැඩ කරන අතරතුරේ දුම් බොමින් සිටි යුදෙව් කාන්තාවට වැන්නවුන්ට සමාව දෙනවඅවසානයේ තමන්ගේ නාන කාමරයේ තිබූ කුණු පැල්ලම් ඉවත් කිරීම අතපසු වූ ලීෂෙක් නම් යුදෙව් කොළුවාවද ‘‘මම නුඹට සමාව දෙනවා (I pardon you) යනුවෙන් පවසමින් දඩුවම් නොකර සිටිනවා. නමුත් ඒ සුළු වේලාවකට පමණයි. අවසානයේ ඔහු නාන කාමරයේ පැල්ලම් ඉවත් නොකල කොළුවාට වෙඩි තබා මරා දමනව.
යුදෙව් ගෙටොවේ රඳවා සිටින කාන්තාවන් අතර ඇතිවන සංවාදය ද සුවිශේෂයි. එහිදී තට්ටු ඇඳක සිටින කාන්තාවක් පවසන්නේ ‘‘දුම්රිය එනවලූඒවායෙන් මිනිස්සුන්ව මුගුරු වලින් පහරදීල එලියට ගන්නව. ඔවුන්ව විශාල රැුඳවුම් කඳවුරු දෙකක් ඉදිරියට ගෙනැවිත් පෙළ ගස්සනව. එහි එක් කඳවුරක් ‘‘ලෝගු කාමරය’’ නමිනුත් අනෙක් ‘‘වටිනා කියන දෑ’’ යනුවෙනුත් සටහන් කරල තියෙනව. එහිදී ඔවුන්ව නිරුවත් කරනව. යුදෙව් කොළුවෙක් ඇවිත් ඔවුන්ට ලණු කෑල්ලක් දෙනව සපත්තු ගැට ගසන්නට. ඔවුන්ගේ හිස මුඩු කරනව. පසුව ඔවුන්ව විශාල කොරිඩෝවන් දිගේ ඬේවිඞ් තාරකාවන් සටහන් කර ඇති දොරවල් සහිත කාමරයකට ගෙනියනව. එහි ඇතුලත ‘‘ස්නානය හා හුස්ම ගැනීමේ කාමරය’’ නමින් සටහන් කර ඇති පුවරුවක් තියෙනව. පසුව එස්.එස්. නිලධාරීන් ඔවුන්ට සබන් ලබා දෙනව. ඔවුන් කියනව හැමෝම හොඳට හුස්ම ගන්න. එය ආසාධිත වීම අඩු කරන්න හොඳ ක‍්‍රමයක් කියල. ඉන් පස්සෙ ඔවුන්ව ගෑස් යොදා මරා දමනව’’

පසුව 1944 අපි‍්‍රයෙල් මාසයේ දිනක ක‍්‍රකෝව් සහ ප්ලසෝව් හි මරා දැමුණු යුදෙව්වන් දස දහසකගේ පමණ සිරුරු පුළුස්සා දමනව. චිත‍්‍රපටයේ සංවේදීම දර්ශනය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අත් කරත්ත පිරවූ මළ සිරුරුකුරිරු අන්දමින් සිනාසෙමින් මළ සිරුරු වලට පවා වෙඩි තබා නාසි නිලධාරීන්හිම වැටෙන්නාක් වැනි පිළිස්සුණු අළුඑසේම මේ සියල්ල දෙස සංවේදීව බලා සිටින ෂ්ලින්ඞ්ලර් ආදිය යොදාගෙන ස්පිල්බර්ග් විසින් චිත‍්‍රපටයේ උච්චතම අවස්ථාව නිර්මාණයට උත්සාහ කර තිබෙනව. මේ සිරුරු අතරේ රතු ලෝගුව හැඳි දැරියගේ සිරුරත් අත් කරත්තයකින් රැුගෙන යනව. මෙය දකින ෂ්ලින්ඩල්ර්ගේ මුහුණේ ඉරියව් වෙනස්වන ආකාරයත්හදවත දවාගෙන යන බැල්මත් මෙය නැරඹු කිසිවෙකුට අමතක නොවන්නක්.
චිත‍්‍රපටයේ දෙවන භාගය ආරම්භ වන්නේ ගොඑත්ට ලැබුණු අණ පරිදි ක‍්‍රකෝව් ගෙටෝව හිස් කොට ඉතිරි යුදෙව්වන් ඔක්විට්ස වෙත පටවා යැවීමේ සූදානමත් සමඟ. ෂ්ලින්ඩලර් තම හිතවතා වන ස්ටර්න්ට සමු දීපුද්ගලයෙකුට ජීවිත කාලය තුල වැය කළ නොහැකි තරමේ මුදල් ප‍්‍රමාණයක් අසුරා ඇති ඇසුරුම් බෑග සහිතව ක‍්‍රකෝව් වෙතින් ඉවත්ව යාමට සූදානම් වෙනව. නමුත් ඒ සියල්ල නවතන ෂ්ලින්ඞ්ලර් තම උපන් ගමෙහි ආරම්භ කරන කර්මාන්ත ශාලාවක් කරාසිය පුහුණු ශ‍්‍රමිකයන් සියල්ල ගෙන යාමට ගොඑත්ගෙන් අවසර ඉල්ලා සිටිනවා. දිගු සංවාදයකින් පසු ගොඑත් එක් යුදෙව් ශ‍්‍රමිකයෙකුට අති විශාල මුදලක් ඉල්ලා සිටිමින් ෂ්ලින්ඩල්ර් වෙත යුදෙව්වන් රැුගෙන යාමට අවසර දෙනව. චිත‍්‍රපටයේ තේමාව වන ‘‘ෂ්ලින්ඞ්ලර් ගේ ලැයිස්තුව’’ නිර්මාණය වෙන්නෙ මේ අතර තුරයි. ඔස්කා ෂ්ලින්ඩල්ර් සහ ස්ටර්න් එකතුව දවල් නොබලා ලැයිස්තුව සකස් කරනව. ස්ටර්න් ලැයිස්තුව සාදා අවසන් කොට ෂ්ලින්ඞ්ලර්ට පවසන්නේ ‘‘ලැයිස්තුව කියන්නේ ජීවිතලැයිස්තු වටේ තිබෙන ඉඩ කියන්නෙ ගල්ෆ් තීරය’’ යනුවෙන්.
චිත‍්‍රපටයේ අවසන් භාගය ආරම්භ වෙන්නෙ ෂ්ලින්ඞ්ලර් විසින් ඔහුගේ උපන් ගම වන බි‍්‍රන්ලිට්ස් වෙත සිය ශ‍්‍රමිකයන් පිළිගැනීමේ දර්ශනයකින්. මේ අතර ප්ලසෝව් සිට ෂ්ලින්ඞ්ලර්ගේ ශ‍්‍රමිකයන් වන කාන්තාවන් රැුගත් දුම්රිය වැරදීමකින් ඔස්ක්විට්ස් වෙත ගෙන යනු ලබනව. එහිදී ඔවුන්ට ඔවුන්ගේ මිතුරියක විසින් රාතී‍්‍ර කාලයේදී පැවසූ ආකාරයටම ඔවුන්ගේ හිස මුඩු කොටනිරුවත් කොට කාමරයකට ගාල් කරනව. එතෙක් තම මිතුරිය විසින් පැවසූ ආකාරයට ගෑස් කාමර ගැන විශ්වාස නොකළ අය පවා මෙහිදී තමන්ගේ අවසානය ලඟා වූ බව විශ්වාස කරනව. නමුත් අවසාන මොහොතේ ඔස්ක්විට්ස කරා පැමිණෙන ෂ්ලින්ඩල්ර් එස්.එස්. නිලධාරීන්ට අල්ලස් ලබා දී සියළු කාන්තාවන් නිදහස් කර ගන්නව. මෙහිදී පැවසිය යුතු විශේෂම කාරණය නම් ෂ්ලින්ඞ්ල්ර් විසින් නිරුවත චිත‍්‍රපටයේ අත්‍යාඅවශ්‍යම අවස්ථා වලදී යොදා ඇති අන්දමයි. නිරුවත් කාන්තාවක් යනු සෙක්ස් සිම්බල් එකක් පමණකැයි විශ්වාස කරන්නවුන් ඉදිරියේ කාන්තාවන් සියයක් පමණ එකවර නිරුවත් කරන ස්පිල්බර්ග් ප්‍රේක්‍ෂකයා තුළ ඇති කරන්නේ අපමණ කම්පනයක්.
ෂ්ලින්ඞ්ලර්ගේ නව කර්මාන්ත ශාලාව තුල හිතු මතයේ යුදෙව්වන් මරා දැමීම ඔහු තහනම් කරනවඑසේම සිකුරාදා දිනයන්හි සබත් ඇදහීම පවා යුදෙව්වන් විසින් සිදු කරනව. ඔහුගේ කර්මාන්ත ශාලාවේ යුද්ධය සඳහා අවශ්‍ය ශෙල් උණ්ඩ සාදන බව පැවසුවත්ෂ්ලින්ඞ්ල්ර් විසින් නිපදවූ කිසිම ශෙල් උණ්ඩයක් යුද්ධය සඳහා පාවිච්චි වෙන්නේ නැහැ. ඔහු මාස හතක් පුරා එස්.එස්. නිලධාරීන්ට අල්ලස් දෙමින් යුදෙව්වන් ආරක්‍ෂා කරනව.
අවසානයේ මිතුරු හමුදාවන් ඉදිරියේ කොන්දේසි විරහිතව ජර්මානුවන් සිය අවි පසෙක දමා යටත් වෙන බව ගුවන් විදුලියෙන් යුදෙව්වන් අසා සිටිනව. ඔහු සිය අවසාන කථාවේ සඳහන් කර සිටින්නේ ‘‘ඔබ ආරක්‍ෂා කිරීම පිළිබඳව බොහෝ අය පැමිණ මට ස්තුති කළානමුත් ඔබලා තමන්ටම ස්තුති කර ගත යුතුයි.’’ නාසි නිලධාරියෙකු සහ වහල් සේවයේ යෙදවීම වැනි කාරණා නිසා තමන්ව අත්අඩංගුවට ගත හැකි නිසා ෂ්ලින්ඞ්ලර් සිය යුදෙව්වන්ට සමු දෙන්නට තීරණය කරනව. එහිදී ඉදිරියට පැමිණෙන යුදෙව් සේවකයෙකු ඔවුන් විසින් කරුණු පැහැදිලි කරමින් ලිපියක් ලියූ බවත්එය සියලූම සේවකයින් විසින් අත්සන් කර ඇති බවත් පවසනව. චිත‍්‍රපටයේ සුවිශේෂම මොහොත වන යුදෙව්වන් විසින් සකස් කළ මුද්දක් ෂ්ලින්ඞ්ලර් වෙත පිරිනැමීම මෙහදී සිදුවෙනව. එහි ‘‘එකෙකුගේ ජීවිතය ආරක්‍ෂා කරන්නා. මුළු ලෝකයේම ජීවිත ආරක්‍ෂා කරයි ‘‘ යනුවෙන් සඳහන් කොට තිබෙනව. මෙහිදී ඉතා සංවේදීව හඬා වැලපෙමින් ෂ්ලින්ඞ්ලර් කියන්නෙ ‘‘මම මගෙ වාහනය විකුණුව නම් තව දස දෙනෙක් බේරා ගන්න තිබුණා. නැත්නම් මේ රත්තරන් පින් එක විකුණුවා නම් අඩුගානේ තව එක ජීවිතයක් බේරා ගන්න තිබුණා ස්ටර්න්..තව එක ජීවිතයක්’’

චිත‍්‍රපටය අවසාන වෙන්නෙ ෂ්ලින්ඞ්ලර්ගේ යුදෙව්වන් දිගු පෝළිමක් ලෙස නගරය කරා ඇවිද යන දර්ශනයකින්පෝලන්තයේ අදටත් ඉතුරුවී සිටින ෂ්ලින්ඞ්ලර් යුදෙව්වන් පිරිසගේ සත්‍ය දර්ශනයකට මෙය ෙඡ්දනය වෙනව. ෂ්ලින්ඩල්ර්ගේ සැබෑ සොහොන වෙත පැමිණෙන් ෂ්ලින්ඞ්ලර් යුදෙව්වන් සිය ප‍්‍රණාමය ඔහුට පුද කරමින් චිත‍්‍රපටය අවසාන වෙනව.
ඉතා දීර්ඝව විස්තර කරමින් මෙසේ ෂ්ලින්ඞ්ලර්ගේ ලැයිස්තුව ප‍්‍රකාශ කළේතව එක් සිනමා රසිකයෙකු හෝ ෂ්ලින්ඞ්ලර්ගේ ලැයිස්තුව නරඹාවි යන අටියෙනි. ස්පිල්බර්ග් විසින් කළ හොඳම නිර්මාණය ලෙස සැලකෙන මෙහි කිසිම කේ‍්‍රන් ෂොට් එකක් නැතකළුසුදු රූගත කිරීමේදී ස්පිල්බර්ග් විසින් සුවිශේෂ ලෙස පසුබිම් හා චරිත වල ඇඳුම් සකස් කළ බවත්මෙහි යොදා ගත් සංගීතය අදටත් සිනමා ඉතිහාසයේ විශිෂ්ඨ පසුබිම් සංගීතයන්ගෙන් එකක් ලෙසටත් සැළකේ. එසේම චිත‍්‍රපටය රූගත කිරීමේදී බොහෝ විට යොදා ගන්නා කථා පුවරු (Story Board) යොදා නොගෙන වාර්තා චිත‍්‍රපටයක් රූගත කරන ආකාරයටසිදුවීම් වලට ගලා යාමට ඉඩ දෙමින් බාහිර පුද්ගලයෙකුගේ ඇසින් රූගත කළ බව හෙතෙම පවසයි.

ස්ටීවන් ස්පිල්බර්ග් යනු කාලය තරණය කල පුද්ගලයෙකු යැයි පැවසීම සාධාරණය. (Beyond his time) වසර 1993 නිර්මාණය කළ මෙම චිත‍්‍රපටය තවත් වසර විස්සකින් නැරඹුවදඑය නිර්මාණය කළ කාලය නිර්ණය කල නොහැකි තරමේ විශිෂ්ඨ නිර්මාණයකි. එබැවින් හොලිවුඞ් සිනමාවේ විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙක් ලෙස ස්ටීවන් ස්පිල්බර්ග් නම් සිනමාකරුවා ඉතිහාසගත වනු නොඅනුමානය.
------------------------------------------------------------------------------------------------------------------------------
බලන්න කැමති අයට ටොරන්ට් ලින්කුවක්-
http://kickass.to/schindler-s-list-1993-1080p-brrip-x264-yify-t7381892.html

6 comments:

  1. tawa me wage hoda film gana vichara wadi wadiyen liyana men jemagen illa sitimi.

    ReplyDelete
  2. මම ජෙමාගේ අඩවියට ඇවිත් නෑ කලින්. මම ආවේ මේ මූවී එකේ නම දැකලා.
    Schindler's List මම බලපු පට්ටම මූවී එකක් තමයි. මේක කලු සුදු ඇයි කියලා මම මුලදි කල්පනා කලා. පස්සේ හිතුනා එහෙමත් නරක නෑ කියලා.

    ස්පීල්බර්ග් කියන්නේ මොනවගේ පුද්ගලයෙක්ද කියන එකමේකෙන් නැවත වතාවක් ඔප්පු කරලා තියෙනවා.

    මේකේ රඟපෑමුත් අති විශිෂ්ඨයි.

    අනේ ඉතින් කවදා අපේ අය මේවගේ එකක් හදයිද?

    ReplyDelete
  3. ලංකාවෙ අන්තර්ජාතික මට්ටමට යා යුතු, චිත%පට හැදුනෙ නෑ කියන්න බෑ, බඹරැ ඇවිත්, සොල්දාදු උන්නැහේ, සරැංගලේ වගේ චිත%පටි මිනිස්සුන්ගෙ හිත දිනා ගත්ත වගේම සිනමා ආඛ්‍යානයක් එක්ක ආපු නිර්මාණ. මේවට බොහෝ විට වුනේ එවක විශිෂ්ටයන් යැයි කියා ගනිමින් සම්භාව්‍ය යැයි කියා ගන්න වට්ටෝරැ සිනමා නිර්මාණකරැවන් ඉදිරියේ වියැකී යාම. ස්පිල්බර්ග් කියන්නේ වාණිජ සිනමාකරැවෙක් හැබැයි ඔස්කාර් දිනන මටිටමේ කලාත්මක සිනමා කෘතියක් කරන්න තරම් ඔහුට තිබුණු සිනමාව පිළිබ‍දව පුළුල් දැනුම අපි අගය කළ යුතුයි. ධර්මසේන පතිරාජ, එච්.ඩී පෙ%මරත්න වගේ සිනමාකරැවෝ වාණිජ සිනමා කෘති අස්සෙ කලාව ඒක්කාසු කරල අපූරැ නිර්මාණ හැදුව. ඉගෙන ගන්නව නම් හොලිවුඩ් නොයා අපේ අයගෙන්ම පාඩම් ඉගෙන ගන්න පුළුවන්.

    ReplyDelete
  4. අපිත් කැමතියි බයිස්කෝප් ගැන දැනගන්න...ඔහොම යං ජෙමා ලොක්කා..අපි එනව ..

    ReplyDelete
  5. සමාවෙයන් ජෙමා...මම චිත්‍රපට බලන්න ආසම නැති කලාතුරකින් හමුවෙන වර්ගයේ එකෙක්...ඒ නිසා මම මේ ගැන මොකුත් කියන්නෙ නෑ...විවිධ මාතෘකා ගැන දිගටම ලියහං....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...