Monday, December 2, 2013

වීරයා

‘‘කිරි අම්මෙ බඩගිනියි බං..මොනාද කන්න තියෙන්නෙ‘‘  ඇලන් සරම කැහැපට ගහගෙන උක්කුටියෙන්වාඩිවුනේ, ආයා කටුවකින් කණ හාරමිනි.

‘‘කසිප්පු ග‍ද බං...ඔය ජරාව නොබී ඉන්න බැරිද බොට..එක දවසකටවත්...‘‘

‘‘ඇගේ අමාරැවටනෙ බං බොන්නෙ...හා..උඹ ආතප්පච්චිට බැනාඩගානවද...කවදාවත් රා කට්ටක් ගැහුවට..මට නම් ඇහිල නෑ.....දුංකුඩු වලට පෙනාළු කුණු වෙනකම් උඹ වචනයක්වත් කිව්වද නෑනෙ...‘‘

‘‘අනෙ මගෙ...කට...අර මැරිච්ච මනුස්සයට ආඩපාලි නොකිය...බීගත්ත නම් උඹේ වෙරි අර හොර ගෑණිට පන්නපන් මට පෙන්නන්නෙ නැතුව‘‘

‘‘කිරි අම්මේ...උඹත් මගෙ යකා අවුස්සන්නයි..හදන්නෙ...ඔව් යකෝ විනෝදනී හොර ගෑණි තමා මගෙ..ගමේ එක එක වේ...යො වගේ උඹත් ආඩපාලි කියන්න ආවොත්...ඇල්බ..හතරකොනේ බාවල...හෙටම ඒකිව අරන් උඹෞ පුකටත් පයින් ගහල එලෝල...“
ඇලන් කුස්සියෙන් පිටත් වුනේ හිරමනය මත බෙදා තිබුණු බත් පතටද පයින් පාරක් ගසමිනි.

‘‘දෙයි හාන්දුරැවනේ...මේක වගේ වසවර්තියෙක් බෙදල තිබ්බ බත් පතටනේද බොල...බොණ්ඩිගෙ පුතෝ පයින් ගැහුවෙ...තෝ එක හොර ගෑණියෙක් නෙමෙයි දහයක් ගෙන මගෙ මොකෝ...තොගෙ අම්ම අප්ප දඩාවතේ ගියවෙලේ බෙල්ල ලගින් අල්ලල...පොල් ලෙලි වලේ ගහපු නැති එකේ වරද තමා මේක...වරකො වෙරි හිදුනාම..මගෙ කිරි අම්මෙ කියාන...ඉලපත නෙමෙයි මම මෝල්ගහ ගන්නෙ අම්මප...
.
වෙරිමතේ කඩුල්ල පනිද්දී එරමිණියා ගාලක කකුල පැටලුණත්, පස්ස නොබලාම පාරට වැටුණේ කිරි අම්මා සමග රණ්ඩු ඇල්ලීමට ඇලන් දැක්වූ නොකැමැත්ත හේතුවෙනි. ගෝඩ හැලිය උතුරන තෙක් ස්පොට් එකේ පරිස්සමට තැබූ උක්කුවා කෙරෙහි ඇලන්ගේ කිසිදු විශ්වාසයක් නැත. බූලි තිහ හතළිහක් පුරවා ටකරං අස්සේ ගසා තිබෙන බැවින් හදිස්සියකදී එහා මෙහා කරන්නට තවත් එකෙකු දෙන්නෙකු එකතු කරගැනීමට ඔහු මෑතක සිට කල්පනා කරගෙන සිටියද, හිතේ ගට තියෙන කොල්ලෙක් කුරැට්ටෙක් මෙතෙක් සොයා ගන්නට ඇලන්ට නොහැකි විය.

වේවැල් ඇල්ලේ ඇලන් වූ කලී, වේවැල් ඇල්ල පමණක් නොව අහල ගම් හත අටේම කුප්‍රසිද්ධ චරිතයකි. ‍ෙකේ පන්තියට ඉගෙන ගෙන, ඉස්කෝලෙ ලොකු මහත්තයාට බහ තෝරණ වියේදීම ‘‘හු...ගෙ පුතා“ යැයි ආමන්ත්‍රණය හේතුවෙන් පාසලෙන් නෙරපූ කට්ට කළු නාහෙට නාහන කොළුවාගේ උප්පැන්නේ සදහන් නම වන්නේද, ඇලන් අප්පුහාමි ලෙසිනි. ඇලන්ගේ අම්මා, තාත්තා ගැන ඔහු අදටත් දන්නේ ගමේ කනෙන් කොනෙන් ආරංචි වන ඔපාදූප සහ කිරිඅම්මා ආවේස වූ විටෙක බැණ අඩ ගසන ඒවායින් අහුලාගත් තොරතුරැ පමණි. ඇලන්ගෙන් අම්මා තාත්තා ගැන විමසන්නට තරම් හයියක් ඇත්තෙකු වේවැල් ඇල්ලේ නම් නොවේ. වරක් ඔහුට අම්මාගෙ පදය කියා බැණ අඩ ගැසූ ගස් සිරිපාලට කැත්තෙන් කොට සිව් වසරක මහ උළු ගෙයි අච්චුවිද පැමිණීයද ඔහුගේ කෙරැවාවේ වෙනසක් නොවිණී.

‘‘ගෝඩ එක බැලුවද බොල...උඹ“ ඇල කණ්ඩියෙන් වැනි වැනී ගොඩවූ ඇලන්, ගෝඩ හැලිය පසෙක අයාගත් මුවෙන් යුතුව නිදි කිරණ උක්කුවාගෙන් විමසීය.

‘‘බ්..බ්..බැලුව ඇලන් අයිය බැලුව දැන් ගාන...“

‘‘ගාන තමයි...මට පේනව උඹටත් ගාන කියල...ඇදල දාල තියෙන්නෙ ඉස්පිරිත්තු වලින්ම...බොකු දියවුනාම..ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකට පල...කාටවත් කරදරයක් නැතුව උංම..වලලදායි..නැගිටපිය...කැ...ය“

‘‘පො...පො..පොඩ්ඩයි..ගත්තෙ..ඇලන් අයිය..‘‘ දෙපසට වැනෙමින් උත්තර දෙන උක්කුවා කසිප්පු කාලක්වත් තොල කට ගා ඇති බව ඇලන් හොදින් දනී. හොරාට වීදුරැවක් බිව්වාට ගමේ විශ්වාස කළ මට්ටමේ එකෙකුට ඇලන්ට සිටින්නේ උක්කුවා පමණි.

‘‘පොඩ්ඩ අම්මගෙ රෙද්ද..පල යන්න දැන්...මෙතන කබරය වගේ බුදියන්නෙ නැතුව‘

‘‘අරි..අරි ඇලන් අයිය..ඔක්කොම අරි...‘‘

‘‘ආ..මේකත් අරන් යන ගමන් ගෙදර වුන්ට හාල් තුනපහ ටිකක්වත් ගෙනියපිය...‘‘ ඇලන් උක්කුවා අත රැපියල් සියයක් අතමිට මෙලවීය.

‘‘පි..පි..පිස්සුද ඇලන් අයියා..බිස්නස් වුනාම කීයක් හරි දෙන්න..අපි ඉතින් බොක්ක තමා‘‘

‘‘හරි...මේක අරන් පල..මගෙන් කුණුහරප නාහ..‘‘  ඇලන් පෙරැත්ත කොට දිනපතා උක්කුවා අතට වියදමට කීයක් හෝ අතමිට මොලවන්නේ ස්පොට් එකේ බඩුඑහා මෙහා වන වේලාවන්, නිතර යනඑන කස්ටමර්ලා ඇතුළු පැටිකිරිය හොදින් දන්නා එකම බාහිර පුද්ගලයා උක්කුවා වීම හේතුවෙනි. ඒ හැරැණු විට ගුල්ම ගායට බෙහෙත් ගන්නා බඩ ඉදිමුණු උක්කුවාගේ ලොකු කොලුවාත්, පැලට ගොඩවෙන හැම වේලාවකම ඉනි උකුනන් අහුලන කිලිටු ගවුම් කඩමාල්ලක් හැදගත් බාල කෙල්ලත් දුටුවිට පපුව හීරෙන මොකක්දෝ ආගන්තුක හැගීමක් ඇලන්ට දැනෙන හෙයිනි.
---------------------------------------------------------------------------------
ඇලන් පස්සා දොරෙන් ගෙට ගොඩවෙන විටත් විනෝදනී, පැළැල්ල බාගෙට විවර කොට කුප්පි ලාම්පුව පිල උඩ තබා තිබුණාය. ඇල්බට් රෑ වැඩමුරයට බුරැසු අඹරන්නට යන්නට ඇති බව විනෝදනීගේ සුපුරැදු සඥාවෙන් ඇලන් දැන ගත්තේය.

‘‘පොඩි එකා නිදිද බං“

‘‘ඔව් මේ දැන් නිදාගත්තෙ...තවම සහලෝල උණ ඇලන් අයියෙ..“

‘‘උණ..උඹ වෙනිවැල්ගැට කොත්තමල්ලි ටිකක්වත් තම්බල දුන්නෙ නැද්ද..“

‘‘දුන්න..ඔන්න දැන් නම් ටිකක්...උණ බැහැගෙන යන පාටයි“

තමන්ගේ එකෙක් නොවුණාට ඇලන් තුල බන්ටියාට ඇත්තේ අපරිමිත සෙනෙහසකි. විනෝදනී වාගේම තලෙළු පාටට, ඉත්තෑකූරැ කොණ්ඩයක් සහිත බන්ටියා ගමේ අනෙක් පොඩි එවුන් මෙන්, කල්ලි ගැසී ගස් කොටන්නේවත්, ටින් පෙරලන්නේවත් නැති අමුතුම පන්නයේ එකෙකි. අසල්වැසි ග්‍රාම සේවක මහත්තයාගේ ගෙදරින් හතරයි තිහේ, කාටුන් එකක් නරඹා එන බන්ටියා දිනකට ඇල්බට්ගේ සරම් කබලක් කරවටේ දවටාගෙන ගෙයි වටේ දුවයි. ‘‘ජෝකර් උඹ කොහෙද...ඔන්න එනව බැට්මෑන්“ කියමින් බූල් ඇපල් ගහේ අත්තක එල්ලී බැට්මෑන් වන බන්ටියා තවත් දිනෙක, කොහෙන්දෝ හොයා ගත් ඔරලෝසු මුහුණතක් අතේ බැදගෙන ‘‘වේග බට්ටා‘‘ යැයි කයමින් බෙන්ටෙන් රග දක්වයි. මේ සෙල්ලමට ඇල්බට්, විනෝදනී හෝ ඇලන් එක් නොවන්නේ උගේ කෝලම් නොතේරැම පමණක්ම නොව, බන්ටියා සෙල්ලමට වෙන කිසිවෙකු ඈදා ගැනීමට වන අකමැත්තද හේතුවෙනි.

‘‘කොල්ල හොදටම සුදු මැලි වෙලානෙ බං..තොපි කන්න දෙන්නෙ නැද්ද මූට...ඇල්බට කියපිය..සිල් රෙද්ද ගලෝල ගෙදෙට්ට හරක් මස් ටිකක් ගෙනැත් කන්න දෙන්න කියල මේකට..අැගේ ලේ ටිකක් වඩන්න..‘‘

ඇලන් කුප්පි ලාම්පුව බන්ටියාගේ මූණට ලං කර විමසිලිවත් බැල්මක් හෙලුවේය. කොලුවා හිනාවෙන නොවෙන ගානට නිදා සිටින්නේ, උගෙ පන්නයේ හීනයක් බලමින් විය හැක.  හෙතෙම පිටි අත්ල තබා නැවතත් කොල්ලාගේ උණ බැස ඇත්දැයි බැලුවේ, කොත්තමල්ලි වලින් සුවයක් නැතිනම් පැනඩෝල් පෙත්තක් හෝ ගෙනැවිත් දීමේ අදහසිනි.

‘‘දැන්නම්...උණ අඩු පාටයි‘‘

‘‘කොල්ල ඇහැරැණොත් ඇලන් අයියෙ...උඹ එක්ක ඔට්ටු වෙන්න හදයි..ඒක හින්ද උූ ඔන්න ඔහෙ නිදාගත්තාවෙ‘‘

‘‘නවයයි තිහේ බස්එකත් ගියා ඇලන් අයියෙ..මටත් නිදි මතයි බං‘‘ යි කියමින් විනෝදනී දොර රෙද්ද මෑත් කර ඇලන් දෙස බලා කුප්පි ලාම්පුව නිමා දැමුවාය.
---------------------------------------------------------------------------------
‘‘මොකක්ද බන්ටියො මේ කරේ එල්ලන් ඉන්නෙ‘‘

‘‘ඒක තමයි බැට් මෑන්ගෙ සාලුව‘‘

‘‘උූට මොකටද සාලුවක්‘‘

‘‘බැට් මෑන් උඩින් යනකොට එතකොට වවුලෙක් වගේ පේන්නේ..මෙමන්න මේම...‘‘ බන්ටියා ඇලන්ගේ ඔඩොක්කුවෙන් බිමට පැන කරේ දවටාගත් සරම් කඩමාල්ල ලෙලවමින් ගේ වටේ දුවන්නට වූයේය.

‘‘මූට තියෙන අමුතු ජාතියෙ පිස්සුවක්‘‘ ඇල්බට් බුලත් හෙප්පුව ඇලන් වෙත දික් කරමින් ඔහු අසලින්ම හිද ගත්තේ නිදි ගැට කඩමිනි.

‘‘නයිට් එක ගැහුවාම දවාලට මලා වගේ නින්ද යනව බං‘‘

‘‘ඈ බං ඇල්බො කොල්ල ඇදිල ගිහිල්ල වගේ නේද...කෑම බීම අඩුපාඩුවක් තියෙනවනං කියහං මම ගෙනැල්ල දෙන්නම්...උඹ මොකද මම මොකද‘‘

‘‘පිස්සුද...ඇලබට් අයියෙ..එහෙම දෙයක් නෑ..හැබැයි කොල්ලව නම් අනුරාධපුර මහ ඉස්පිරිතාලෙටවත් ගෙනියන්න හිතාන..ඉන්නෙ..දැන් ටික දවසක ඉදන් උණ බහින්නෙ නෑලු...විනෝදනිය කියනකං මං දැනං හිටියෙත් නෑ..‘‘

ඇල්බට්ගේ ඇත්තේ ඇලන්ට ඇති ලැදියාවට වඩා බය පක්ෂපාතී කමකි. ගමම හොල්ලන් ඉන්න ඇලන් අයියා ඉ්‍හිට හෝ තමන්ගේ ගෙදරට ගොඩවදිනා දිනට හැකි ඉහළම සැලකිල්ල දක්වන්නට ඇල්බට් උත්සුක වේ. බ්‍රෂ් වැඩපොලේ මැනේජර් මහත්තයා සමග තිබුණු විරසකය දුරදිග යාමෙන් තම /ිකායව නැතිවීමට ඔන්න මෙන්න තියා තිබියදී ඇලන් අයියා මැදිහත් වී මැනේජරයාගේ සැර බාල කළ ආකාරය ඇල්බට් හට කිසිදා අමතක නොවන්නකි. කඩපිලේ උන්ගෙන්, ත්‍රීවිල් පොලේ උන්ගෙන් කනින් කොනින් ඇහෙන ඕපාදූප ගණනකට නොගෙන හිදින ඇලබට්, විනෝදනී ගැන දෙපිට කැපෙන කථාවක් ඇසුන විටෙක නෑසුනාක් සේ හිදින්නේ ‘‘ඒකි එහෙම එකියක් නෙමෙයි‘‘, ‘‘අනික ඇලන් අයිය හිත හොද මිනිහ වලත්තවෙය නෙමේ‘‘ යනුවෙන් විවිධ තර්ක වලින් හිත හදා ගනිමිනි.

‘‘ඒයි...මෙහෙ එන්නකෝ..කොල්ලට කලන්තෙ දාලා වගේ‘‘

කුස්සිය පැත්තේ රෙදි වනමින් සිටි විනෝදනී බෙරිහන් දුන්නාය. ඇල්බට් හා ඇලන් බූල් ඇපල් ගහ අද්දරට ලගා වන විටත් බන්ටියා අවසගව විනෝදනීගේ උකුලේ වැතිර හුන්නේය.

‘‘මම මූට කිව්ව මද්දහනේ ගේ වටේ නටන්න එපා කියල‘‘ ඇල්බට් ආඩපාලියක් කියමින් කොල්ලාව වත්තන් කරගන්නට තැත් කරත්ම ඇලන් මැද්දට පැන්නේය.

‘‘මෙතන මගුලක් කථා කරන්නෙ නැතුව ගිහින් ත්‍රී වීල් එකක් අරන් වර කොල්ලව ඉස්පිරිතාලෙ අරන් යන්න“
---------------------------------------------------------------------------------

මතු සම්බන්ධයි....

ප.ලි.
(භාෂා භාවිතය විවේචන තිබීමට පුළුවන..ගල්, මුල්, මඩ සියල්ල සදහා විවෘතයි.)

20 comments:

  1. නියමයි ජේමා අයියෙ.මම හිතන්නෙ මතු සම්බන්දයි කියල දාපු පලවෙනි පෝස්ට් එක.ඉක්මනටම දෙවෙනි කොටස දැම්මොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං දිග වැඩි නිසා දෙකට කැඩුවෙ පුල්වන ඉක්මනට අනිත් කොටස දානව..

      Delete
  2. කතාවේ හැටියටනම් භාෂා භාවිතයේ අවුලක් මට නම් පේන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මුලින් ටිකක් සැරට ලිව්වෙ මගෙ ලිව්ල්ලෙ සංස්කෘතිය සදාචාරය නෑ...කුණුහබ්බ ඕන තැනට කුණු හබ්බ නැතුව ලිව්වාම...නිර්මාණෙට කරන අසාධාරණයක්..අනිත් කොටසක් බලලම ප්‍රතිචාරයක් දාන්නකො

      Delete
  3. කතාව කියෙව්වේ කුතුහලයෙන්. බලමුකෝ ඊළඟ කොටසේ මොකද වෙන්නේ කියලා!

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් අනිත් කොටස දානව ධාරා

      Delete
  4. මචං මේක රෝලෙන් ගියාම පෙන්නන්නේ පොස්ටුව නෑ කියලා .එකයි කීපසරයක්ම ඇවිත් හැරිලා යන්න වුනා. මට පෙන විදිහට ඇලන් කියන්නේ සම්පූර්ණයෙන්ම කළු චරිතයක් නෙවෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. පොස්ටුවෙ පොඩි අවුලක් තිබ්බ..පස්සෙ දෙකට කඩල දැම්ම..ඒකයි අප්ඩේට් වෙලා තිබුණෙ නැත්තෙ..මට ඇලන්ව පට්ට කළු චරිතයක් කරන්න වුවමනාව..තිබ්බ හැබැයි කථාව මැදදි..ඇලන්ගෙ සමහර චරිත ලක්ෂණ වෙනස් වුනා..

      Delete
  5. මට මේ කොටස රෝලෙ අප්ඩේට් වෙලා තිබ්බේ නෑ ජෙමෝ,අනික කොටසත් කියෝලම කමෙන්ට් කරන්නං

    ReplyDelete
    Replies
    1. කියවල..බලන්න හැලපෙ අයියෙ පොඩි උත්සාහයක්..

      Delete
  6. නියමයි ජෙමෝ...උඹ ලියන කථා වලත් උඹේම කියලා ආරක්...බොහොම පරිණත බවක් තියෙනවා...උඹ වගේ කෙනෙක් මේ කථාවට ඔබින ආකාරයෙන් මේ අත්දැකීම් කැටි කලේ කොහොමද කියලත් මට වෙලාවකට හිතෙනවා...රෝලෙන් අප්ඩේට් වුනේ නැති නිසයි කමෙන්ටුව පරක්කු වුනේ...දිගටම ලියපං...

    ReplyDelete
    Replies
    1. සිරෝ එදා අපි ඉස්කෝල යන කාලෙ..සිරාට මතක නම් අනෝම මිස් අපේ පන්තිවලට සිංහල උගන්වපු...එකටපුරා ගුරැ මැණියක් කියන්න පුළුවන් ගුරැවරියක්..මම අනිත් උන්වගේ කියන වෙලාවට නෙමෙයි හිතෙන වෙලාවට එක එක ඒව ලියාගෙන ගිහින් පෙන්නවන..එතුමිය තමයි ලියන්න දිරිමත් කළේ...මම තවමත් නිර්මාණකාරයෙක් නෙමෙයි..හැබැයි ඒ ලබපු උත්තේජනය හින්ද අටදත් මොනව හරි ලියවෙනව..

      Delete
  7. පලවෙනි වතාවට ගොඩ වුණේ. මාරු කතාවක්. කොටස් දහයක් ගියත් මොකෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..දිගටම එන්න...මම හැකි සෑම වෙලාවකම ලියනව

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අඩේ අප්ප මරු හොදේ...මං මාතලන් අයියගේ සින්ඩියෙන් ආවේ වීරයා දෙක කියනලා තමයි වීරයා 1 බැලුවේ.පට්ටයි හොදේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...මාතල්නගෙ පාරෙන්, සිරාගෙ පාරෙන් මේ පැත්තෙ බොහොම දෙනෙක් ආව..දිටම එන්න...

      Delete
  10. මාතලන්ගෙ අඩිපාර දිගේ ආවෙ.. හරිම රසවත් ...

    ReplyDelete
    Replies
    1. මාතලන්ගෙ පාරෙන් ආපු තවත් කෙනෙක්..ස්තුතියි එබිකම් කලාට

      Delete
  11. ගල් නම් නැතේ කලාව නම් මරු දිගටම ලියාපන් අය්යන්ඩි මාත් ගොඩවෙනව මේ පැත්තෙ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...