Wednesday, February 13, 2013

අමතක නැති මතක.........



ආදරේ දිර දිරා
ගාලු මුවදොර අයිනෙ
කෙස් ගහක් සුදුවෙලා
දිගටි අතැගිලි රිංගාපු කෙස්සෙ

වඩේ මල්ලිත් ඉන්නව
කඩල ඇන්ටිත් ඉන්නව
අර ලොකු කාලතුවක්කුව ගාව
ලැගපු බලු නට්ටත් ඉන්නවා

හදවතේ කේෂනාලිකා
ධමනි, ශිරා ඔක්කෝම ලෙඩ වෙලා
දුම් උගුරැ, මීවිත පුරපු
දුක මාව ලෙඩ කලා

අපිට රව රවා, ගිය කොස්තාපල් තුමා
නාදුනන හුරැ පුරැද බැල්ම දා ගෙන ගියා

රෑම්ස් ගැන කිය කියා, කරගහපු පිම්පියා
අලුත් ජෝඩුවක් ලග සතුට විකුණන නියා

ඊරිසියාව පිටාරේ යන
තුරැලු වුන ජෝඩු ඔක්කෝම වලත්තයි හිතන
අපි උන්නු බංකුවේ
ඉන්න උන් හොර ගෑණු, අවලම් මිනිස්සු

හිත පහුරැ ගගා ඉන්නා, වියරැ සර්පයා
සදාතන පෙ%්මවන්තයා
මට විස අදහස් පොවයි
නුඹ චපලයි කියයි
කණ ගාව දේව දූතයෙක්
නුඹෙ දොසක් නැත කියයි
බිදුණු මගෙ හිත හදයි

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...