Friday, February 22, 2013

ආරච්චි කෝලම..............

රන් තැඹිලිය වගෙ දිලිහෙන රෑපෙ................ගංකරේ
මල් ඇවරිය ඉදිල වගෙයි රත් කෙහෙල්.......කැනේ
ඩිංග ඩිංග ආල හිතට දාල උඹ........................සෙනේ
ගල් වංගෙඩි කරක කරක යන්නෙ කොහෙ....පනේ

සිලිං දෙකයි, රිදී හවඩි හැඩට උඹෙ.................ඉනේ
අරං, දුන්නොතින් කියයිද මටම නුහු...............ගුනේ
කීර බෝන්ඩි, රතු බූන්දි, තල් හකුරැ................වගේ
රහයි, අගිදො ලුණු මිරිසත් උඹෙම අත්............ගුණේ

රාජකාරි අවේලාවෙ කරවන.............................සිරිතක්
මගෙ නෑ නොවෙ, මහ රැජිණුන්නාන්සෙ...........වැඩියත්
ඒත් උඹට පොලග කාල මතකද..........................වඩියක්
තිරික්කලේ රෑ පැද්දා නොවැ.............................තකහනියක්

කුරැතේරිස්, මහ කෙරැමෙක් නෙවෙයි මගෙ...............ලග

මී මින්නෙක්, කොහෙ අනින්ට ඌට කෝ..................අග
රාලහාමි, ඒව එපා මැණිකෙ හරි.................................වස
පුස්නාම්බු වගේද බං කිරි අලුව..................................රස

ඉලව් ගෙදර වුනත් යන්නෙ ඒජන්ත..........................වගේ
ඇට්ටෝමෙට, එන්න කිව්වෙ දන්න උන්...................අගේ
අතු පැලැල්ල ඇරල තියල, නොදන්නව....................වගේ
උඹ හිටපන් මම එන්නම්, පිල්ලෑව...........................දිගේ

හොද බොරේට කරෝල කටු හොද්ද හැදි...................ගගා
කුස්සියෙ උඹ දැලි නානව වාවයිද..............................නගා
රාළහාමි නොකිව්වයිය කියන්නට............................එපා
ගහනව මම මෝල් ගහෙන් ඉන්ට ඔහෙ....................දපා

කිපුණම, මම නපුරැසතා වගෙ කොටි.........................හපුවා
දන්නෑ උඹ, අගිදෝ මම හිතුවොත්.............................හිතුවා
දොංත පතොං මල කෝලං කොහෙවත්......................නැතුවා
ඕං කිව්ව, කුරැතේරිස් ‘රා මල‘...................................තැලුවා


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...